විදුලි සැර වැදී කාන්තාවක් මරුට

ඌරගස්මංහන්දිය රකිනාකන්ද ප්‍රදේශයේ විදුලි සැර වැදී කාන්තාවක් මියගොස් තිබේ.

ගසක් වැටීම හේතුවෙන් බිම පතිතව තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මරණකාරිය අසල පිහිටි නිවසකට ගමන් කිරීමේදී මෙලෙස විදුලි සැරවැදී ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මියගොස් ඇත්තේ 74ක් වූ රකිනාකන්ද, ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.