විශේෂ රථ වාහන මෙහෙයුමක් – රියදුරන් 24කට තහනම් නියෝග

වැල්ලවාය සහ ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂක නිලධාරීන් එක්ව රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමකින් රියදුරන් 24දෙනෙකුට විරුද්ධව තහනම් නියෝග ගෙන තිබේ.

එම මෙහෙයුමේ දී අමතර කොටස් සවිකර ධාවනය කල රථවාහන සහ අබලන් ආකාරයෙන් ඇති වාහන පරීක්ෂාවට ලක්කර තිබේ.

එලෙස අබලන් වී ඇති අඩුපාඩු සහිත වාහන ධාවනයකල සහ විවිධ අමතර කොටස් සවිකර ධාවනය කල රථ වාහන විසිහතරක රියදුරන් විසිහතර දෙනෙකුට මෙලෙස තහනම් නියෝග පනවා ඇති බව සඳහන් වෙයි.

එම රියදුරන්ට දින දාහතරක් ඇතුළත එම වැරදි නිවැරැදි කිරීමට කාලය ලබා දී ඇති අතර එසේ නොමැති රියදුරුන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.