විධිමත් පොදු ප්‍රවාහනයක් වෙනුවෙන් ක්‍රියාත්මක අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂා වැඩසටහන වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තවත් ජංගම බස් රථයක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයට පරිත්‍යාග කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහනේ දෑඅවුරුදු උපාය මාර්ගිත සැලැස්මට අනුව මෙය ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම මේ යටතේ අපේක්ෂා කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන්, කොන්දොස්තරවරුන් සහ රිය සහායකයින් රිය ධාවනයේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කෙරෙන ජංගම පරීක්ෂණ වැඩසටහන මේ වනවිට දිවයිනේ පළාත් පහක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.
පරීක්ෂණ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් ක්‍රමිකව සංවර්ධනය කිරීමත් සමග දිවයිනේ සෙසු පළාත්වලට ද මෙම පරීක්ෂණ ක්‍රියාවලිය දියත් කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැලසුම් කර ඇත.
ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කර ජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමට ආරම්භ කර ඇති මෙම අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ ජාතික වැඩසටහන යටතේ මේවනවිට පරීක්ෂා කිරීම් 7,150ක් සිදුකර තිබේ.
මේ වැඩපිළිවෙල සඳහා අන්තර් අමාත්‍යංශයීය සහයෝගිතාව ලබාගනිමින් කෙටි, මැදි හා දිගුකාලීන වැඩපිළිවෙලක් තුළින් මෙරට මාර්ග අනතුරුවලින් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කරගැනීම අපේක්ෂා කරන බව සඳහන්ය.


