නීතිවිරෝධීව සන්තකයේ තබාගෙන සිටි විදෙස් මුදල් තොගයක් නීතිවිරෝධී වත්කම් විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සහ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.
උණ්ඩියල් ක්‍රමයට මුදල් හුවමාරු කරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
බලපත්‍ර නොමැතිව පිටකොටුව ප්‍රදේශයේ සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යනු ලබන අයෙකු සන්තකයේ තිබී මෙම මුදල් තොගය සොයාගෙන ඇත.
එහිදී අමෙරිකානු ඩොලර් 2,400ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් 900ක්, ස්ටර්ලින් පවුම් 1,000ක්, ජපන් යෙන් 40,000ක් සහ යුරෝ 200ක් සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සහ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


