ඉදිරි සති දෙක තුනක කාලය තුල උග්‍ර පාන්පිටි ගෙයක් රට තුළ නිර්මාණය වනු ඇති බව ආනයනකරුවෝ කියා සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ තිරිගු පිටි අවශ්‍ය තරම් ඇති බවට වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ඉන්දියාව පාන්පිටි අපනයනය නතර කිරීම හේතුවෙන් මෙරට පාන් පිටි ආනයනය කිරීමට ආනයනකරුවන්ට නොහැකි වී ඇති බවයි.
මේ හේතුවෙන් ඉන්දියාවෙන් පාන්පිටි ගෙන්වීම නතර කිරීමට ආනයන කරුවන්ට සිදුවී ඇත.
දැනට ශ්‍රී ලංකාවට පාන් පිටි ආනයනය කරමින් තුර්කියෙන් හා ඩුබායි වලිනි.
ආනයනකරුවන් එම රටවලින් ඇනවුම් කරන ලද පාන් පිටි තොග මෙරටට ළඟාවීමට නියමිතව ඇත්තේ මේ මස අවසානයේ දීය.
ද ැනටමත් පාන් පිටි හිගය හේතුවෙන් බේකරි විශාල ප්‍රමාණයක් වැසීගොස් තිබේ