ජිනීවා සමුළුවට පේන්න උතුරේ විරෝධතා…

උතුරු නැගෙනහිර ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම් වෙනුවෙන් කැපවී සිටින නිලධාරීන්ට හා කාර්යාල වලට සිදුවන අසාධාරණයන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් සැසියේ අවධානය යොමු විය යුත බව ඉල්ලා යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති මෙම විරෝධතාවය උතුරු නැගෙනහිර සම්බන්ධීකරන කමිටුව මගින් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා යාපනයේ නැවත පදිංචි වූ සාමාන්‍ය වැසියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පවසා සිටියේ,

‘වසර 30 ක යුද්දයෙන් පසුව උතුරු නැගෙනහිර නැවත පදිංචි වූ යුද්දය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාව උදෙසා වසර 12 කට අධික කාලයක් පුරා මානව හිමිකම් ආරක්ෂා කිරීම කැපවීමෙන් කටයුතු කරන උතුරු නැගෙනහිර මානව හිමිකම් නිලධාරීන්ට වසර ගණනක් පුරා විවිධ වූ බාධාවන් හා අසාධාරණකම් අත්විදීමට සිදුව ඇති බවටත් ඇතැම් මානව හිමිකම් කාර්යාලයන්හි තිබූ වැදගත් ලිපි ලේකනද අතුරුදහන් කිරීමට කිසියම් පාර්සව විසින් පියවර ගෙන තිබීම උතුරු නැගෙනහිර යුද්දයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ මානව හිමිකම් දැඩි ලෙසින් කඩවීමක් වශයෙන් හදුන්වන බවටත්ය.

මේ හේතුවෙන් ලංකාවේ මානව හිමිකම් කඩවීම් සමබන්ධයෙන් එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී දැඩි අවධානයක් යොමු විය යුතු බවටද විරෝධතා කරුවන් වැඩිදුරටත් පෙන්වා දුන්හ.

Leave a Reply

Your email address will not be published.