අයිස් මත්ද්‍රව්‍ය ගැන අධිකරණ ඇමති තීරණයක් ගනී

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත සඳහා අලුත් විෂ මත්ද්‍රව්‍ය වර්ග ඇතුළුකර ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද (10) පනත් කෙටුම්පත් 09ක් සහ රේගුලාසි සම්මුතියක් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා සඳහන් කළ සිටියේ, විෂ වර්ග, අබිං සහ අන්තරදායක ඖෂධ වර්ග, එම පනත සම්ත කළ කාලයේ දී එහි උපලේඛන සඳහා අයිස් නමැති මත්ද්‍රව්‍ය ඇතුළත් කර නොමැති බවය.

“මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන වශයෙන් සලකනු ලබන කාරණා කිහිපයක් මීට ඇතුළු කරලා තියෙනවා. විශෙෂයෙන් මේ පනත සම්මත කරන කාලයේ නොතිබුණු අලුත් විෂ මත්ද්‍රව්‍ය අද සමාජයට හඳුන්වලා දීලා තියෙනවා. අද සමාජය මේ මත්ද්‍රව්‍ය විසින් ගිලගත්ත තත්ත්වයකට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ අයිස් කියන මත්ද්‍රව්‍ය වර්ගය මේ පනතේ උපලේඛනයේ සඳහන් නොවී තිබුණ දෙයක්. මේ අයිස් කියන මත්ද්‍රව්‍ය ඉතාම භයානක මත්ද්‍රව්‍යක් අපි මේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය සොයලා බැලුවා අනෙක් මත්ද්‍රව්‍යට වඩා මේක ඉතාම භායනක විදිහට මේවා පාවිච්චි කරන උදවියගේ මොළයේ ශෛල විනාශකරනවා. මිනිස්සු විකෘති තත්ත්වයට පත්කරන භායනක දෙයක් විශේෂයෙන්ම ඔවුන්ගේ මතය තමයි මේ ඖෂධයට ඇබ්බැහි වූ අයෙකු ජීවත්වීමේ කාලසීමාව අවුරුදු දෙකකට සීමා වෙනවා.”

Leave a Reply

Your email address will not be published.