හාලිඇල නගරයේ ගණදෙවි කෝවිල අසල දී සිදුවු බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ අද (02) උදෑසන එම අනතුර සිදුව ඇති බවය.
බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දකුණුපස තිබු ගසක වැදී අනතුර සිදුව තිබුණි.
එහිදී මෝටර් රථයේ රියදුරු, කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී අවුරුදු 52ක් වන මෝටර් රථය පැදවු රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
31 හැවිරිදි සහ 51 හැවිරිදි කාන්තාවන් දෙදෙනා සහ අවුරුදු 10ක පිරිමි දරුවෙක් හා 7 හැවිරිදි ගැහැනු දරුවෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
බදුල්ල ශාන්ත මරියා දෙවස්ථානයේ ඉරිදා දේවමෙහෙයට පැමිණි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පැවසීය.