සොරෙකුට ගමක් එකතු වී දුන් මාරාන්තික දඬුවම

සුරියවැව, වැවේගම ප්‍රදේශයේ දී පිරිසක් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ති‌බේ.

ජල මෝටරයක් සොරකම් කිරීම සඳහා පැමිණි අදාළ පුද්ගලයාට ප්‍රදේශවාසීන් විසින් පහරදීමක් සිදුකර ඇත.

පසුව පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.

පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සුරියවැව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මීට අමතරව අදාළ සොරකම සඳහා මියගිය පුද්ගලයා සමඟ පැමිණි බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (02) හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.