ලක්ෂ 07ක් වංචා කළ කොස්තාපල් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පොලිස් කොස්තාපල්වරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අගලවත්ත පොලිසියට අනුයුක්තව රාජකාරි කරන කොස්තාපල්වරයෙකු වන අතර, ඔහු ඉමදූව, බටේමුල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු දකුණ කළුතර පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී අගලවත්ත, නායදොල, මහගම ලිපිනයේ පදිංචි පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.