මහ කන්නය සඳහා තවත් පොහොර වර්ගයක්

එළැඹෙන මහ කන්නයේ දී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර ඇති අතර, ඒ සදහා ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත.
 
මේ අතර, ලබන මහ කන්නයේ දී සියලු ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් වෙනුවට ගොවි ගිණුම්වලට මුදල් නිකුත් කිරීමට ද රජය තීරණය කර තිබේ.

ඒ අනුව ගොවි ජනතාවට සිය කැමැත්ත පරීදි පෞද්ගලික අංශයෙන් හෝ රජයේ පොහොර සංස්ථාව මඟින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකි බව මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published.