බස් නැවතුම්පොළක නාඳුනන මළ සිරුරක්

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම්පොළක් තුළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් අද (16) දින උදෑසන සොයාගත් බව හැටන් පොලීසිය පවසයි.

බස් නැවතුම්පොළ තුළ තුවාල සහිතව පුද්ගලයෙකු බිම වැතිරි සිටින බවට එම බස් නැවතුම්පොළ වෙත පැමිණි මගියෙකු විසින් හැටන් පොලීසියට කළ දැනුම්දීමක් මත සිරුර සොයාගෙන ඇත.

ඊයේ (15) පස්වරුවේ සිටම මියගොස් සිටි පුද්ගලයා එම ප්‍රදේශයේ සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය කියා සිටියේය.

සිරුර සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published.