ඊශ්‍රායල – හමාස් ගැටුම මැදපෙරදිග කලාපය පුරා පැතිරුණ හොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 150ක් දක්වා ඉහළ යා හැකි බව ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.
එහි දී ලොවපුරා ඉන්ධන මෙන්ම ආහාර වර්ගවල මිල ගණන් ද ඉහළ යා හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.
රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භයේ දී මේ ආකාරයෙන් තෙල් සහ ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාමක් දක්නට ලැබිණි.
කෙසේ නමුත් වර්තමාන මැදපෙරදිග අර්බුදයේ දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක මට්ටමේ ස්ථාවර ව පවතින අතර, එය සුළු වශයෙන් පහත වැටිය හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් ගේ මතය වී තිබේ.