නොරොච්චෝලේ 3 වැනි ජනන යන්ත්‍රය අද යළි ජාතික පද්ධතියට

නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කළ නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය අද (29) ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එමගින් මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.

එසේම කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය කළ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ද ලබන මස 16 වැනි දා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.