ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය කිහිපය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නික්තු කර තිබේ.

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුර සහ සබරගමුව පළාත සහ හම්බන්තොට  සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි ඉඩක් පවතින බව අදාළ නිවේදනයේ දැක්වේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

මේ නිසාවෙන් සවස් කාලයේ සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published.