ජනපති සහ වියට්නාම රොක්ස් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති, සමුද්‍රිය වාණිජ ඒකාබද්ධ කොටස් බැංකුවේ (MSB) සභාපති ට්‍රන් අන් තුවන් (Tran Anh Tuan) මහතා ඇතුළු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවැත්විණි.

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින ස්ථාවරත්වය සහ ආයෝජකයින්ට හිතකර පරිසරය සැලකිල්ලට ගනිමින් මෙරට ආයෝජනය කිරීමට සූදානම් බව රොක්ස් සමාගමේ නියෝජිතයෝ මෙහිදී පැවසූහ.

ඒ අනුව මෙරට කාර්මික කලාපයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ සහයෝගය අපේක්ෂා කරන බව ඔවුහු සඳහන් කළෝය.

එසේම පුර්නජනනීය බල ශක්ති සහ දේපළ වෙළඳාම් යන ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔවුහු ජනාධිපතිවරයා හමුවේ පැවසූහ.

Leave a Reply

Your email address will not be published.