පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන යමින් මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මූල්‍ය ආයතනය පවත්වාගෙන යෑම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, මුදල් සැපයීම, කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඊයේ (03) මීගමුව ප්‍රදේශයේදී මෙම මුදල් වංචාවට අදාළ සැකකරුවන් දෙදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 45 හා 59 වයස්වල පසුවන තිඹිරිගස්කටුව හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.  

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *