යාපනය සහ චෙන්නෛ අතර අද (19) දින ක්‍රියාත්මකවීමට නියමිතව තිබූ ගුවන්ගමන් අවලංගු කර තිබේ.
ඒ, වායු ගුණාත්මක අගය පහළයාම සහ ගුවන් ගමන් සඳහා අවශ්‍ය දෘශ්‍යතාව පවත්වා ගැනීමට නොහැකිවීම හේතුවෙනි.
යාන ගුවන්ගතවීමට සහ ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමේදී ගැටලුකාරී තත්ත්වයත් මතුවූ බැවින් මෙම තීරණය ගෙන ඇත.
එමෙන්ම යාපනයේ වායු ගුණත්වය අගය 200 ඉක්මවා සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.


