ත්‍රිකුණාමලය වරායේ  බූම් කෝව් ප්‍රදේශයේ තෙල් තට්ටු ඉවත් කිරීම ඇරඹේ

ත්‍රිකුණාමලය වරායේ පිහිටි බූම් කෝව් ප්‍රදේශයේ අද (28) පෙරවරුවේ 07.30ට පමණ සිදු වූ තෙල් කාන්දුව හේතුවෙන් ඇති වූ තෙල් තට්ටු ඉවත් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

ඊට එම දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බව සඳහන්ය.

මෙම තෙල් පැල්ලම දිගින් මීටර් 07ක් සහ පළලින් මීටර් 02ක් පමණ වේ.

තෙල් පැතිරීම අවම කිරීම සහ අවට සාගර පරිසරයට සිදුවිය හැකි බලපෑම අවම කිරීමේ අරමුණින්, අවශෝෂක ද්‍රව්‍ය පමණක් භාවිත කරමින් මෙම පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.

මෙවැනි තෙල් දූෂණ සිදුවීම් සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ සාගර පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දක්වන අඛණ්ඩ කැපවීම මෙම මෙහෙයුම තුළින් තවදුරටත් පිළිබිඹු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *