අනවසර ධීවර කටයුතු වල යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා අද ( 10) මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ  මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. 

විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම මෙන්ම මෙරට සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට එල්ලවන හානිය මැඩපැවැත්වීමේ අරමුණින්, නාවික හමුදාව  මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි. 

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් නව දෙනා (09) මේ වන විට ත්‍රිකුණාමලය වරායට රැගෙන එමින් සිටින අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත. 

මෙරට  මුහුදු තීරයේ ආරක්ෂාව  සහ දේශීය ධීවරයන්ගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරන බව ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published.