ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ හඳුන්වාදීමට යයි

ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ළමාරක්‍ෂක ක්‍ෂේත්‍රය හා සම්බන්ධ සියලු පාර්ශවකරුවන් නියෝජනය වන පරිදි සහ අදාළ විශේෂඥයින්ගේ අධීක්‍ෂණය සහ මගපෙන්වීම යටතේ සකස් කර ඇති මෙම මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වාදීම වෙනුවෙන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.

ළමා සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සකස් කළ මාර්ගෝපදේශ සහ ප්‍රඥප්ති දැනටමත් පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන නමුත් ජාතික මට්ටමේ පිළිගත් මාර්ගෝපදේශයක් නොමැති බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. 

Leave a Reply

Your email address will not be published.