පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයින් දියබෙදුම සහ කපුගොල්ලෑව ප්‍රදේශයන් හිදී අත්අඩංගුවට ගත් බවය. ඒ අනුව ඊයේ (26) අලුයම් කාලයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම පොලිස් වසමේ නුවරගේයාය ප්‍රදේශයේදී පොළොන්නරුව අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මතContinue Reading

පාසල් සංවර්ධන නිලධාරීන්ට සාධාරණයක් කරන ලෙසත්, අත්තනෝමතික කාර්යාලගත කිරීම නවතන ලෙසත් ඉල්ලා ජාතික හා පළාත් පාසල් සංවර්ධන නිලධාරීන් හෙට (27) දින සිට ඉගැන්වීම් ක්‍රියාවලියෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කිරීමට කටයුතු කර ඇති බවට වාර්තා වේ.Continue Reading

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, නාවික සැතපුම් 100 ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී, ප්‍රධාන යන්ත්‍ර අක්‍රීයවී ආපදාවට පත්ව, ජීවිත අවදානමට ලක්ව සිටි, MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය, නාවික හමුදාව සිදුකළ සාර්ථක මෙහෙයුමකින් නිරුපද්‍රිතව මුදාගැනීමට හැකිව තිබේ. එම පිරිස අද ( 26) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතුContinue Reading

යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරයෙන් ළමුන් 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියක් සහ ඇයගේ 46 හැවිරිදි මව බව වාර්තා වේ. රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් ප්‍රදේශයContinue Reading

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.Continue Reading

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලContinue Reading

තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස ලබාදුන් ඇතින්නියන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පශු වෛද්‍ය කමිටුවක් පත් කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.  තායිලන්ත රජයෙන් ප්‍රධානයක් ලෙස ලැබුණු තායි රාජා ඇතින්න සහ කණ්ඩුල ඇතින්න නැවත එරටට ලබා ගැනීම සම්බන්ධයෙන් වාර්තා පළ වීම හේතුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ පරිසරContinue Reading

විදුලි බල මණ්ඩලයට අදාළව සිදු කරන කරුණු විමසීමක් සඳහා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි. කෙසේවෙතත් පුද්ගලික සමාගමක් කමිටුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විරෝධය පල කිරීමත් සමග කමිටුවේ විවාදාත්මක තත්ත්වයක් ද ඇති විය. එහිදී අදහස් දක්වමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේContinue Reading

කළු ගඟ දෝණිය ආශ්‍රිතව ප්‍රදේශ කිහිපයක් සඳහා ඉදිරි පැය 48ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කළු ගඟෙහි ජල මට්ටමContinue Reading

වයෝවෘධ කාන්තාවක් දූෂණය කර මුහුණට මිරිස් කුඩු ගසා ගෙල මිරිකා ඇයව ඝාතනය කර ඇති සංවේදී පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. එලෙස ඝාතනය කර ඇත්තේ, මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු  71 කාන්තාවකි. මීට වසර දෙකකට පෙර එම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර, ඝාතනය වූ වයෝවෘධ කාන්තාව තනිව නිවසේ සිට ඇත.Continue Reading