සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණක් පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය.  ඉන්පසුව පාසල් පැවැත්වෙන ආකාරය පිළිබඳව නැවත සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අද (30) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය. ජනාධිපතිවරයා  දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත ගොස් පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.  ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  දළදා මාළිගාවේ විශේෂ අමුත්තනන්Continue Reading

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. ජනපති ධජය සහ  අති ගරු යන නාමය භාවිතා නොකිරීමට ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් ජනපති ධජය එම උත්සවයේදී  එසවීමට කටයුතු නොකරන බවද  ඔහු සඳහන් කළේය. උත්සවයේදී  ජාතික ධජය පමණක් එසවීමට මේContinue Reading

රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. පසුගිය මාසයේ නව වෙනිදා  කොළඹට මෙපමණ විශාල  ජන ගඟක්  ඒවි යයි කිසිවකුත් බලාපොරොත්තු නොවූ බවත් ලබන නව වෙනිදාද  ජනතාව එසේම  කටයුතු කරනුContinue Reading

විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. විදේශ විනිමය අර්බුදය නිසා  ඔවුන්ට ගෙවීමට විදේශ මුදල් නොමැති වීම නිසා මෙම තීරණයට එළඹුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයාට  ලිපියක් යොමු කරමින් දැනුම් දීContinue Reading

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන් සිය වැටුපට මාසිකව බැර කෙරෙනු ඇත. සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත.Continue Reading

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය. අතිගරු යන නාමය , ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.Continue Reading

ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී ඉකුත් 27 වෙනි දින සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. කොටුගොඩ , මදුරුවිට පදිංචිව සිටි බස්නායක අප්පුහාමිලාගේ ගාමිණී පියතිලක තිසේරා නමැති අය මිය ගොස් ඇත. මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී පස්Continue Reading

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් ඊයේ(29) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ. එහිදී ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩ සහාය,දෙරට අතර ආයෝජන සහ වෙළඳාම,ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මෙන්ම ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ද්වි පාර්ශ්වික සබඳතා වර්ධනයContinue Reading

තේ දළු මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා.කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති තුෂාර ප්‍රියදර්ශන පවසන්නේ මාස කිහිපයකට පෙර රුපියල් 100 -130ත් අතර පැවැති තේ දළු කිලෝවක මිල ඩොලරයට සාපේක්ෂව ඉහළ යමින් අද වනවිට රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බවයි.සහනදායි මිලකට පොහොර ලබාදීමේ විශේෂContinue Reading