කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත් එම උපදෙස් නියමාකාරයෙන් පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහContinue Reading

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින තුනක් දීර්ඝ කරමින් හෙට (3) සිට 5 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පෙරවරුවේ පැවසීය. ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිටContinue Reading

තද වැසි හා සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතකට බල පෑ ජල ගැලීම් ඇතුළු ආපදා තත්වය හේතුවෙන් සිවු දෙනකු මියගොස්, පවුල් 2,911 කට අයත් 11,821 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගංවතුරට හසුවීමෙන් තිදෙනකු සහ නායයෑමකින් එක් අයකු මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදන්ව සිටින බව දContinue Reading

බොරැල්ල සියලු  සාන්තුවරයන්ගේ   දේවස්ථානයේ  බොම්බය තැබීමට සම්බන්ධ  පුද්ගලයන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට පසුගිය රජයේ කිසිදු ප්‍රබලයකු සම්බන්ධ නැති බවත්  පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. එම  බෝම්බ  සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය  ඉෂ්ට  නොවූ බව‍ටත්  ඊට  පසුගිය රජයේ ප්‍රබලයන් සම්බන්ධ බවටත් මාධ්‍ය වාර්තා පළවන ආකාරයක් නිරීක්ෂණය වූයේ යැයිද  එම කොට්ඨාසය සඳහන් කරයි.Continue Reading

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප  සභාපති සුමුදු රුක්ෂාන් (40 ) මහතා මුල්ලේරියාව බැංකුව හන්දියේදී අද (2) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කරන ලද වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  නිහාල් තල්දූව මහතා පැවැසීය. එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස මියයන තෙක්ම  කටයුතු කළ රුක්ෂාන්Continue Reading

රඹුක්කන පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ නාරංබැද්ද පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර ආසන්නයේ දී සිදු වු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරින් 8 දෙනෙකු හා ඇගලුම් සේවිකාවන් 7 දෙනෙකු අද (2) වැනිදා පෙරවරුවේ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දේවාලේගම පොලිසිය කියයි. මෙලෙස කුරුණෑගල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේContinue Reading

ලංකාවේ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 13 ක (රුපියල් මිලියන 490 ක්) ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට  සහ යුනිසෙෆ් සංවිධානයට ප්‍රදානය කරන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති  ට්‍රිනා යුරන්ලි එස්කෙඩෙල් මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන්ට සහ ළමුන්ට දරුණු බලපෑමක්Continue Reading

“රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව” මේ වෙනවිට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය  මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (2) පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන අලුත් මුහුණුවරක් ජන සමාජය තුල නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බැවින් එයට  එරෙහිව ශක්තිමත් ලෙස පෙනී සිටින බවත් විපක්ෂContinue Reading

මෙම වසර අවසානය වන විට රට පවතින අර්බුදකාරී තත්වයෙන් මුදවාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් සකස් වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (2) පැවසීය. විදේශ විනිමය අර්බුදය විසඳන මාර්ගය කරාContinue Reading

කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ (1) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයින් තිදෙනකු, කාන්තාවන් දෙදෙනකු සහ අවුරුදු 30ත් 59ත් අතර කාන්තාවන් දෙදෙනකු මෙලෙස මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තා‍වේ දැක්වේ. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 16,559Continue Reading