මේ වන විට ගාල්ල ක්‍රීඩාංගණයට දැඩි වර්ෂාවක් පතිත වෙමින් තිබේ. වර්ෂාවේ ඝණත්වය බෙහෙවින්ම වැඩි නමුත් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති බැවින් ක්‍රීඩාංගණයට එයින් වන බලපෑම අඩු මට්ටමක පවතී.Continue Reading

රංජන රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලිපිලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍යව තිබෙන බව කී හරීන් ප්‍රනාන්දු මහතා එය ලැබුනු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායකContinue Reading

ගාලුමුවදොර අරගලයට පහරදීමට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට (27) දින පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. ‘ජන අරගලයට, ජන අභිලාෂයට අවනතවනු’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී විරෝධතාකරුවෝ උද්ඝෝෂණය කළහ.Continue Reading

වැඩි මිලට අලෙවි කිරීම සඳහා වැලිගොඩක සඟවා තිබූ ඩීසල් තොගයක් බේරුවල අබේපිටිය චාමර උයන ප්‍රදේශයේ නිවෙසකින් සොයා ගත් බව කියයි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තබාගෙන අධික මිලට ඩීසල් විකුණන බවට පොලීසියට ලද තොරතුරක් මත  එම නිවස වටලා ප්ලාස්ටික් බැරල්වලට පුරවා තිබූ ඩීසල් තොගය සොයාගෙන තිබේ. මෙම පුද්ගලයා සතුව කිසිම වාහනයක් නොමැතිContinue Reading

ගාලුමුවදොර අරගලකරුවන්ට පසුගිය 22 වැනිදා පහර දුන් අවස්ථාවේදී ආබාධ සහිත පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි වන සාවද්‍ය ප්‍රචාරයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් එය පදනම් විරහිත ප්‍රකාශයක් බවත් ‘අයිතීන් උදෙසා අපි’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මුවාවෙන් පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට ඇතමුන්Continue Reading

අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වන රටේ ක්‍රමය වෙනස් කිරීම තමාගේ ද පිළිගැනීම යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට සියලුදෙනාට ඉඩක් ඇති අතර අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය තිබෙන බව ජනාධිපතිවරයා කීය. විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් ද අරගලයට එක්ව සිටි අයුරු තමා දුටුContinue Reading

මුළු රටම එකතු කරගෙන ලබන නව වෙනිදා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියලා අරගලයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද  පැවසීය. ඔහු මෙසේ පැවසුවේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.Continue Reading

‘කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය. මියගිය පුද්ගලයන් අතරින් තිදෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අනෙත් පුද්ගලයා වයස 30 ත් 59 ත් අතර පසුවූ කාන්තාවකි. මියගිය පුද්ගලයන් අතර පිරිමි 2 ක් සහ කාන්තාවන් 2Continue Reading

අනුරාධපුර මහ නගරසභා සේවකයන් පිරිසකගේ කුණු බිත්තර ප්‍රහාරයකට ලක් වූ පොහොට්ටු මන්ත්‍රී සුරංගි රේණුකා සමරතුංග මහත්මිය පොලිසිය මැදිහත්ව බේරාගෙන ගොස් ඇත. මෙම සිද්ධියට මුහුණ දුන් මන්ත්‍රිවරිය (26) දින මහ නගර සභාවේ නගරාධිපති එච්.පි.සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මුදල් කාරක සභාවේදි නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාට ඇසැබි වදනින් බැණවැදි පාවහන් යුගලින් පහරContinue Reading

මුදල් විශුද්ධිකරණ පිළිබඳ චෝදනා මත ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි තුන්වැනි වරටත් එරට මූල්‍ය වංචා විමර්ශන ආයතනයේදී ප්‍රශ්න කිරීමට ලක් වෙද්දී රජයට එරෙහිව විරෝධතාවක නිරත වීම නිසා පොලිස් රැඳවුම් භාරයට ගෙන සිටි එම පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පෙරේදා රාත්‍රියේහිම මුදා හැරීමට දිල්ලි පොලිසිය කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඉන්දීයContinue Reading