සතුරු තර්ජන මැඬ පැවැත්වීම සඳහා ස්වයංක්‍රීය ගුවන් නියමු පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වන අධි සංවේදී මෙවලමක් ඉන්දියාව විසින් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ. අබ්යාස් නමින් හඳුන්වනු ලබන මේ ස්වයංක්‍රීය ගුවන් නියමු පද්ධතියේ අත්හදා බැලීම පසුගියදා ඔඩීසා ප්‍රාන්තයේ වෙරළ තීරයේදී සිදු කළ බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය. අධික වේගයෙන් ගුවන්Continue Reading

ඉන්ධන අර්බුදය හමුවේ බැංකු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් වැඩකපිළිවෙලක් සකස් කර නොමැති බව ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ මේ හේතුවෙන් බැංකු කටයුතු ක්‍රමයෙන් අඩපණ වෙමින් පවතින බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ධනුෂ්ක කුමාරසිංහ මහතා මේ බව කියා සිටියේය. “මේ වෙනකොටContinue Reading

බ්‍රිතාන්‍ය රජය ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් උද්ගත වී ඇති ජනතා විරෝධතාවන්ට අමතරව වසර 25කට පසු පළමුවරට එරට ජාතික දුම්රිය රියදුරන් ද දැවැන්ත වැඩවර්ජනයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍ය දුම්රිය රියදුරන්ගේ සංගමයේ ප්‍රධානියා රජයට අනතුරු අඟවා ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ජනතාව ගෙන යන විරෝධතාවට සහායContinue Reading

කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ කෘත්‍රීම ධාවන පථයේ ඇලුමිනියම් සීමා පටියේ (Aluminum Track Curb) කොටස් කිහිපයක් සොරුන් ගලවාගෙන ගොස් ඇත. ස්විට්සර්ලන්තයෙන් ආනයනය කළ ලක්ෂ 50ක් පමණ වටිනා කෘත්‍රීම ධාවන පථයේ ඇලුමිනියම් සීමා පටි කොටස් මෙසේ සොරකම් කොට ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ ‘කුඩ්ඩන්‘ බවට සැකයක් පවතී. සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණය වටා ඇති තාප්පයContinue Reading

තමන් අගමැති ධුරය බාර ගත්තත්, රනිල් වික්‍රමසිංහ වන ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්නැයි ජාතික ජන බලවෙිගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05)පැවසීය. ‘අඩුම තරමේ මට තියනවා ජනවරමක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය තුනක් වත්. රනිල්, ඔබටContinue Reading

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 24ක වැඩවර්ජනය අත්හිටවූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. දුම්රිය පාලන අධිකාරිය එම සංගමය සමග කළ හදිසි සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවත් ඒ අනුව මගී ජනතාව වෙනුවෙන් හැකි පමණ දුම්රිය ධාවනයට කටයුතුContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (6) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින්විට පැයට කිලෝමීටර 40- 50 ක පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද  එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.Continue Reading

නිරූපිකාවක ලෙස පෙනී සිට ෆේස් බුක් ඔස්සේ පාසල් සිසුවියන් රවටා එම සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රම ශීලීව ගෙන එම ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් ඔවුන්ව බිය ගන්වා කප්පම් ගැනීම්වල නිරතව සිටි බෝයගනේ යුද හමුදා කඳවුරේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙක් වන හමුදා සෙබළකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (04)Continue Reading

මේ දිනවල රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුකොටගෙන විවිධ අංශවල රාජ්‍ය නිලධාරීන් හා සිවිල් වැසියන් ඉන්ධන ගැනීමට දින ගනන් පෝලිම්වල ගත කිරීමෙන් වළකා ගැනීමට වවුනියාවේ නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ. වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.චන්ද්‍රසිරි මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයන්හට තමන් රාජකාරි කරනContinue Reading