හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ. යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලලිත් සහ කුගන් යන පුද්ගලයින්ගේ අතුරුදන් වීම් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට ඔන්ලයින් මාර්ගයෙන් සාක්ෂි දීම සඳහා ඔහු අධිකරණයට පැමිණ ඇති බව සඳහන්.Continue Reading

පළමු වරට ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාදුන් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබේ. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රීඩාලොව ඉහළම ජයග්‍රහණයContinue Reading

ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යාContinue Reading

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම් දෙක ගොනුකර තිබුණි.Continue Reading

පවතින වැසි අධික කාලයත් සමග දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම නිවේදනය අද (27) පස්වරු 4 සිට හෙට (28) පස්වරු 4 දක්වා ක්‍රියාත්මක වනු ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ නියගම, තවලම, නෙළුව සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, මාවනැල්ල,Continue Reading

ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ පැවැති ජන රැලියට එක්වෙමින් පැවසීය. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට (28) දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කළේය. එම පැකේජය සඳහා රුපියල් කෝටි 4100ක් වෙන් කර ඇති බව අනුර කුමාර දිසානායකContinue Reading

නාවික හමුදාව විසින් උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමකදී සිය භාරයට ගන්නා ලද යාත්‍රාවේ අයිස් සහ හෙරොයාන් මත්ද්‍රව්‍ය ඇති බවට මේ වන විට හඳුනාගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ දායකත්වය යටතේ සිදුකරමින් පැවති පරීක්ෂණ මගින් මේ බව තහවුරු කරගත් බවය. ඒ අනුව කිලෝග්‍රෑම් 81ක පමණ තොගයක් එහිContinue Reading

2025 වසරට අදාළව පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කර සිටියේ, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාගContinue Reading

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) සිය සහතිකය සටහන් කළේය. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද පැවැත්වුණු අතර, එහිදී පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයසContinue Reading

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (24) රාත්‍රී 10.00ට නිකුත් කළ එම නිවේදනය ඉදිරි පැය 12 සඳහා වලංගු වේ. ඒContinue Reading