ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඒ වී සඳහා ස්ථාවර මිලක් ලබා දීම සහ වී ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරියින්ගේ දායකත්වය ලබා ගැනීම සඳහාය. එහිදී ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදීContinue Reading

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.  ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් විත්තිකාර රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකරContinue Reading

යුක්‍රේනයේ කියෙව් නගරයට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ අතර, රුසියාව විසින් යුක්‍රේනය වෙත එල්ල කරන බැලැස්ටික් මිසයිල ප්‍රහාර තවදුරටත් තීව්‍ර කර තිබේ.Continue Reading

රුපියල් 40,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු කාර්මික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවට අයත් පොදු ක්‍රීඩා පිටියක කාණු පද්ධතිය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සහ අම්පාර දිස්ත්‍රික් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව මඟින් අක්කරපත්තු නගරයේ වෙළඳ සැලක්Continue Reading

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 587ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අනුව ඊයේ (10) දිනයේදී පුද්ගලයින් 27,773ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 90,306ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට දිවයින පුරා ඩෙංගු මරණ 65ක් සිදුව ඇති අතර, රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වේ.  වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973කි. Continue Reading

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහාවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අතර හෙට (12) ප.ව. 1ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන පනත් කෙටුම්පත, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මේContinue Reading

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද සඳහන්. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියContinue Reading

අගෝස්තු මාසයේ මුල් දින 06 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 42,810ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 7,827ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 18%ක් වේ. එමෙන්ම, චීනයෙන් 3,031ක්, එක්සත් රාජධානියෙන් 4,922ක්  සහ ප්‍රංශයෙන් 3,908ක් ද මෙම කාලය තුළContinue Reading

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථක බව ලෝක ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් පවසයි.  ඇය මේ බව ප්‍රකාශ කළේ, නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ‍ මහතා හමුවූ අවස්ථාවේදීය.  මෙරට බිම් බෝම්බ ඉවත් කිරීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන බවට එහිදී ඇයContinue Reading