ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 22 ක් හා සැකකාරියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලීසිය පවසයි. තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ මෙම ෆේස්බුක් සාදය පවත්වමින් සිට ඇති අතර අද (13) අලුයම් කාලයේදී වැටලීම සිදුකර තිබුණි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875ක්, කුෂ්Continue Reading

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494,000ක මුදලක් හලාවත ප්‍රදේශයේ පිහිටි බැංකුවක ගිණුමකට තැන්පත් කරන ලෙස එම අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් සිදු කිරීම තුළින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව විභාගය සඳහා මාර්තු 9වනදා කැඳවනContinue Reading

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය. සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට ආසන්න වත්කම් හා දේපොළ අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා මත මෙම නඩුව ගොනුකර තිබේ.Continue Reading

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කළේය.Continue Reading

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මෙම නිවේදනය අද (12) දහවල් 12.30ට නිකුත් කර ඇති අතර, අද රාත්‍රී 11 වන තෙක් වලංගු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවලContinue Reading

බදුල්ල සිට අනුරාධපුරය බලා අද (12) උදෑසන ධාවනය වෙමින් තිබූ කැකිරාව ලංගම ඩිපෝවට අයත් බස්රථයක තිරිංග අක්‍රීය වූ අවස්ථාවේ බස්රථය වේල්ලකට අල්ලා මගීන් 14 දෙනාගේ ජීවිත බේරා ගැනීමට රියදුරු මහතා සමත්ව තිබේ. බස්රථය පෙ.ව. 6.35ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කර බදුල්ල – මහියංගනය මාර්ගය ඔස්සේ ඉදිරියට යමින් තිබියදී බදුල්ල දුන්හිඳ වංගුවContinue Reading

බල්ගේරියාවේ රජයට එරෙහිව එල්ල වූ දැවැන්ත විරෝධතා හේතුවෙන් එරට රජය ඊයේ (11) නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔවුන් බලයට පැමිණ වසරකටත් අඩු කාලයක් තුළ මෙලෙස ඉල්ලා අස්වීම සුවිශේෂීය. එරට ආර්ථික ප්‍රතිපත්ති සහ දූෂණය මැඩපැවැත්වීමට පාලක රජය අසමත් වීම හේතුවෙන් සති ගණනාවක සිට එරට ජනතාව මාර්ග තුළ රැඳී සිටිමින් දැවැන්ත විරෝධතාවකContinue Reading

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. පසුගිය දින කිහිපය තුළ බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වර්ෂාවක් ලැබීම හේතුවෙන් මෙම නායයෑම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලිContinue Reading

ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ඇතිව තිබේ. අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙ.ව. 11:44 පමණ කිලෝමීටර 20ක් (සැතපුම් 12) ගැඹුරකින් මෙය ඇතිව ඇත. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය දන්වා ඇත්තේ, මේ හේතුවෙන් මුහුදු රළ මීටර් 1 (අඟල් 39)ක් දක්වාContinue Reading

සිය පෙම්වතියන්ට තෑගිබෝග ලබාදීමටත්, අන්තර්ජාලයේ මුදල් ආයෝජන කිරීමටත් සොරකමෙහි නිරත වූ 18 හැවිරිදි තරුණයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයකදී සැකකරු අත්අඩංගුවට පත්වන විටත් ඔහු සතුව තිබී සිය ඥාතියෙකුගේ නිවසින් සොරාගත් මැණික් ගල් 61ක් හමුවූ බව පොලිසිය පැවසුවේය. ඔහු සොරාගන්නා මුදල්වලින් 27 හැවිරිදිContinue Reading