නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය පහසු සහ උසස් කිරීමටත්, ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.  ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (05) ජනාධිපති කාර්යාලයේදීContinue Reading

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් ත්‍රිකුණාමලය පාසලක සිසුන් 50කට අධික පිරිසක් රෝහල්ගත කර තිබේ.  ත්‍රිකුණාමලය දිවුල්වැව මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇති බව පොලීසිය පැවසීය. පාසලේ ගොඩනැගිල්ලක තිබූ බඹර වදයක් ඇවිස්සීම හේතුවෙන් මෙලෙස සිසුන් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වෙයි.  අදාළ සිසුන් ප්‍රතිකාර සඳහා මහදිවුල්වැව රෝහලට ඇතුළත් කර ඇතිContinue Reading

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.  මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,000ට ළංවී තිබේ. ඒ අනුව ඊයේ (05) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 88,088ක් වාර්තා වී ඇතිContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “TM App” නම් ආයතනය පිරමීඩ ආකාරයේ තහනම් මූල්‍ය යෝජනා ක්‍රමයක නියැලී සිටින, එය පවත්වාගෙන යන සහ ප්‍රවර්ධනය කරන ආයතනයක් ලෙස නිල වශයෙන් හඳුනාගෙන නිර්ණය කර තිබේ. මෙම තත්ත්වය හමුවේ, මහජනතාව එවැනි නීතිවිරෝධී යෝජනා ක්‍රමවලට හසු වී මුදල් ආයෝජනය කිරීමෙන් වැළකී සිටින ලෙස මහ බැංකුව දැඩිවContinue Reading

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ “හැකි ඉක්මනින්” පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ඊයේ (05) ජනාධිපතිContinue Reading

කඳපොළ බෝමුරුඇල්ල ප්‍රදේශයේ සීතාඑළිය සංරක්ෂිත රක්ෂිතයට ඇතුලුවී එම රක්ෂිතයේ ගිනි තැබූ සැකකරුවෙකුට නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය   විසින් ලක්ෂ 4කට අධික දඩයක් නියම කර තිබේ. ඒ සැකකරු අද (05) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. එහිදී සැකකරුට වරද පිලිගත් නිසා රක්ෂිතයට ඇතුලු වීම සහ රක්ෂිතයටContinue Reading

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අල්ලස් කොමිසම මඟින් සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා අද (05) උදෑසන එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුවය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 04ක් බඳවා ගෙන ඔවුන් ඔහුගේ පුද්ගලික වැඩවලට යොදාගැනීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

කළුතර බන්ධනාගාරයට මත්කුඩු ගෙනගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව අඟුරුවාතොට පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුය. මිල්ලනිය බටගොඩ මාර්ගයේ දී පොලිස් නිලධාරීන් මාර්ග බාධකයක් දමා රථවාහන පරීක්ෂා කර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරගත කර සිටින තම සහෝදරයා බැලීම සඳහා යමින් සිටි සැකකරුවන් දෙදෙනාContinue Reading

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු සහ මඩ සොරොව්ව අද (05) උදෑසන විවෘත කෙරුණි. ඒ අනුව අතිරික්ත ජලය තත්පරයට ඝන මීටර 130ක පමණ ශීඝ්‍රතාවයකින් කොත්මලා ඔයට නිදහස් කිරීම ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසයි. වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලා ඔයෙහි නුගවෙල, රිවර්සයිඩ්,Continue Reading

බොරලැස්ගමුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව ඊයේ (04) දහවල් සිදු කළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 500ක්, කඩුවක් සහ කිණිස්සක්Continue Reading