මුම්බායි නුවර එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු මියයාමට හේතුව පැණි කොමඩු අනුභව කිරීම බවට පැතිර යාමත් සමඟ මුම්බායි සහ ඒ අවට ප්‍රදේශවල පැණි කොමඩු මිල විශාල ලෙස පහත වැටී තිබුණි.  පැතිර ගිය පුවත් අසත්‍ය බවත්, එය කිසියම් විෂ වර්ගයක් ශරීරගත වීමෙන් සිදු වූවක් බවටත් නවතම අධිකරණ වෛද්‍ය වාර්තා මගින් තොරතුරු අනාවරණයContinue Reading

පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතන 134 කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.  පොලිසිය පැවසුවේ යතුරුපැදි දෙකක් එකිකෙන ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පැදිකරුවෙකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි කපුගොල්ලෑවContinue Reading

වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් ලියාපදිංචිය එළැඹන සඳුඳා (4) සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු යොදා තිබේ. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසා සිටියේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවය. දන්සැල් පැවැත්වීමට අදාළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටContinue Reading

2014 ජූනි මස 01 දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු ලාන්ස් කොප්‍රල් මරියලුජිසන් 12 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අනුයුක්ත කිරීමෙන් අනතුරුව එහි සේවය කරමින් සිටියදී, මුරිකන්ඩි ප්‍රදේශයේදී 2026 අප්‍රේල් මස 19 වන දින සිදුවූ දුම්රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා තිබුණි.  අනතුරෙන් පසු ඔහු යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේContinue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසනContinue Reading

කොළඹ නාගරික ප්‍රජාවගේ අප්‍රේල් මාසයේ‍ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය මාර්තු මාසයේ සියයට 2.2ක් ලෙස වාර්තා වූ බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  2026 අප්‍රේල් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  සියයට 2.8ක් දක්වා වැඩිවී ඇති අතර  2026 මාර්තු මාසයේදී එය වාර්තා වූයේ සියයට 0.7ක්Continue Reading

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය‍ මෙම නඩුවල තීන්දු අද (30)  කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් විනිසුරුවරයාContinue Reading

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ, ඉතාලි තානාපති ලෙස සේවය කරන  Damiano Francovigh මහතා ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමුව තිබේ. මෙහිදී ආරක්ෂක ලේකම් විසින් නව තානාපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාව වඩාත් ඵලදායි අන්දමින් පැවැත් වූ බව සඳහන් වේ. මෙමContinue Reading

අමෙරිකාව විසින් රඳවාගෙන සිටින ඉරාන ධජය සහිත බහාලුම් නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු නිදහස් කර නැවත ඉරානයට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  එම නෞකාවේ තවත් ඉරාන කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු TOUSKA නෞකාවේ රැඳී සිටින අතර ඉරාන නිලධාරීන් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරමින්Continue Reading

මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. ජනාධිපති කාර්යාලයේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේ සිදුවූ නායයාමෙන් මධ්‍යම කඳුකරයට විශාල හානියක් සිදු වූ අතරContinue Reading