අද (25) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත්, පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල  සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 55-60කContinue Reading

මෙරටට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දී තිබේ. මෙහි විශේෂත්වයක් වන්නේ, ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු වරට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන කසකස්තාන ජනරජයේContinue Reading

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට නියම කර තිබේ.  එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් ය. ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලකContinue Reading

නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම කොලරා රෝගය වැළදී ඇති තවත් පුද්ගලයින් 239 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට නයිජර් ප්‍රාන්තයේ දිස්ත්‍රික් හයක් පුරා මෙම වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතී. නයිජීරියානු රජය විසින්Continue Reading

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසර තුළ රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. රඹුටන් ඵලදාව සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් විසින් එම ගස්වලට විදුලි රැහැන් ඇදීම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය විරාජ් රෝහණ අබේකෝන්Continue Reading

අපවත් වී වදාළ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) දින සිදුකිරීමට නියමිතව තිබේ. මහනුවර අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේ දී අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එම කටයුතු සිදුකිරීමට නියමිතය. මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 21 වන දින පුජ්‍යContinue Reading

දිවයින පුරා ආබාධිත තත්ත්වයේ පසුවන වනඅලි 20 දෙනෙකු සඳහා වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදුකරමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රතිකාර ලබන වන අලින්ගෙන් වැඩි දෙනෙකු වෙඩි වැදීම්වලට සහ මදුවලට හසුවී පාද ආබාධයට ලක්වූ අලින් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව අනුරාධපුර වනජීවි කලාපයේ වන අලින් 8 දෙනෙකු, පොළොන්නරුව වනජීවිContinue Reading

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (55-60) ක පමණ තද සුළං ඇතිවිය හැකිContinue Reading

රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ. යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත බත්තරමුල්ල සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් සමඟ එක්ව සිදුකරන ලද වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව යුද හමුදාව පැවසුවේය. එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්Continue Reading

බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ අද (23) උදෑසන 7.30ට පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වේ. අනතුරින් පාසල් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් කිහිපදෙනෙකු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇත. මාර්ගයෙන් ඉවතටContinue Reading