අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන් එක්වී සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 323ක් සොයාගෙන තිබුණි. එහිදී එම මත්ද්‍රව්‍ය ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි විදේශ ජාතිකයා අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ඉතාලි ජාතිකයෙකි. සැකකරු මෙමContinue Reading

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිContinue Reading

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (30) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කඩාවැටී දැඩි අලාභහානි සිදුව තිබේ. කොළඹ – ගාලු පාරේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මෙන්ම ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශ කිහිපයකම ගස් කඩාවැටී තිබෙන අයුරු දැකගත හැකිවිය. ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 6කට හානි සිදුවContinue Reading

නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේදැයි සොයාබැලීම ස ඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.Continue Reading

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අයContinue Reading

කහතුඩුව, සියබලාගොඩ, ඔළුපට්ටාව වැවේ පාවෙමින් තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව කහතුඩුව පොලීසිය කියයි. එම පුද්ගලයා වයස අවුරුදු 50ට වැඩි බව සිතිය හැකි යැයි පොලීසිය සඳහන් කරයි. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව කහතුඩුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැව අසලට ගොස් සිදුකළ පරීක්ෂාවේ දී වැවේContinue Reading

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.  ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ. මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟContinue Reading

සිය දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් කිසිදු දත්ත හානීවීමක් හෝ විනාශ වීමක් සිදුව නොමැති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සයිබර් ප්‍රහාරයෙන් කිසිදු මාර්ගගත තොරතුරු පද්ධතියේ කටයුතු අඩාල වීමක් සිදුනොවන පරිදි යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවය.Continue Reading

අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඒ අනුව සිය සංගමයේ සියලුම සාමාජිකයින් අතිකාල සේවාවලින් ඉවත්වී ඇති බව සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය සඳහන් කළේය. සිය අතිකාල දීමනා ගැටලුවට විසඳුම් ලබාකෙන තෙක්Continue Reading

මාලිගාවත්ත දුම්රිය අංගනයෙන් පිටත් වන සියලුම දුම්රියන් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මාලිගාවත්ත දුම්රිය අංගනයේ මාර්ගයකයට හානි සිදුවීම හේතුවෙන් මෙම ප්‍රමාදය හටගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.Continue Reading