මේ වසරේ ලැබී ඇති රුපියල් ට්‍රිලියන 1.53 බදු ආදායම් ඉලක්කය දෙසැම්බර් මස 31 වනදාට පෙර සපුරා ගැනීමේ හැකියාව පවතින බව රේගු දෙපාර්තමේන්තුව පවසයි. එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ ඉලක්ක ගත මුදලින් රුපියල් ට්‍රිලියන 1.38 රැස් කරගැනීමට හැකිවී ඇති බවය.Continue Reading

නිවසක සිටි කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් තිබේ. ඊයේ (05) රාත්‍රීයේ පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා විය. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වන බාලයාවැව, බෝගහවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම වෙඩිතැබීම සඳහාContinue Reading

පාර්ලිමේන්තු සභාවාරය අද (06) පෙරවරු 09.30ට ආරම්භ කෙරුණි. ඒ, කථානායක අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙනි. 2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පිළිබද විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි. පාර්ලිමේන්තු සජීව විකාශය ඉහළින්.Continue Reading

පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අන්තර්ජාලය හරහා මුදල් උපයාගත හැකි බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු රවටා මෙම මුදල් වංචාව සිදුකර ඇත. රුපියල් ලක්ෂ 05කට අධික මුදලක් සැකකරු විසින් එලෙස ගිණුම්ගත කරවා වංචාව සිදුකර ඇති බව පැවසෙයි. එම පැමිණිල්ලContinue Reading

සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය. අභිනව තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අද කන්තලේ දී (5) පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය. ලොකු පැටී නොහොත් සුජීව රුවන් කුමාර නැමැත්තා එම බෙලාරූස්Continue Reading

නව ආයෝජන අවස්ථා ලබාදීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබාදීම ආදී කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (05) පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ. ලබන වසරේදී රට තුළ නව ආයෝජනContinue Reading

උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කරන රේණුක පෙරේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (5) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ, අපරාධ පරීක්ෂණContinue Reading

එළැඹෙන 09, 10, 11, 12 වැනි දිනයන් වල නැවත වරක් වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැහැදිලි කළේය. නිරිතදිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසල නැවත වරක් කැළඹෙන ස්වභාවයක් උද්ගත වීContinue Reading

වසර 105කට පසුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමක් සුදුසුකම් ලබා තිබේ. එම අවස්ථාව හිමිවී ඇත්තේ පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන් වහන්සේ ට ය. මාතලේ ලග්ගල ප්‍රදේශයේ උපන් උන්වහන්සේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. උන්වහන්සේට දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබී ඇති අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සහ ශ්‍රී ලංකාවට සුවිශේෂීContinue Reading

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැරුණි. සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප නියම කෙරුණි. හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල්Continue Reading