අද (31) මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මේ වනවිට මිරිහාන පොලීසිය වෙත රැගෙනවිත් තිබේ. නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබියදී අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගැනුණි. ලියාපදිංචි අංක තහඩු නොමැති අදාළ මෝටර් රථය සොයාගෙන තිබුණේContinue Reading

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ඊයේ( 30)  වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, බලපත්‍ර රහිතව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් එක්දහස් එකසිය අසූවක (1180) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු  නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කර ඇත. වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජයContinue Reading

කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පෙන්වා දෙන්නේ, දිවයින පුරා තෝරාගත්Continue Reading

පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා එඩිතර විපක්ෂයක් නිර්මාණය කිරීමට සර්වජන බලයට ඡන්දය ලබාදෙන ලෙස එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. රද්දොළුගම පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සර්වජන බලය පවත්වන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් ඊයේ පස්වරුවේ රද්දොළුගම ප්‍රදේශයේදී මෙලෙස පැවැත්වුණි.Continue Reading

හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සෙවනගල ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 40ක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි. විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකින් එම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණි. එහි වටිනාකම රුපියල් බිලියනයක් බව සඳහන් ය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි.Continue Reading

මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (31) අලුයම නාඳුනන පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදුකර පළා ගොස් තිබේ. වෙඩි වැදීමෙන් කිසිවෙකුට හානි සිදුවී නොමැති අතර ව්‍යාපාරිකයා බිය වැද්දීමට මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.Continue Reading

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන අතර අනෙක් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවය.  මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. “ජනාධිපතිවරුන්ගේContinue Reading

H5N1 කුරුළු උණ රෝගය වැලඳුණු ඌරකු ප්‍රථම වරට අමෙරිකාවෙන් හඳුනාගෙන තිබේ. අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ගොවිපොළක රඳවා සිටි ඌරෙකු හට මෙලෙස කුරුළු උණ වැලඳී ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ ඌරා සමග රැඳී සිටි තවත් ඌරන් දෙදෙනෙකු හට ද වෛරසය ආසාදනය වී ඇත් ද යන්න සම්බන්ධයෙන්Continue Reading

දීපාවලි වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් දෙමළ ජනතාවට වාර්ෂිකව ලබාදෙනු ලබන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ. මීට පෙර වර්ෂවල එම මුදල රුපියල් දස දහසක්ව පැවති අතර මේ අනුව එය රුපියල් 20,000 දක්වා ඉහළ යනු ඇත.Continue Reading

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව පිළියන්දල ප්‍රදේශයේදී අද (30) සිදු කරන ලද වැටලීමකදී මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන හරක් කටා සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන ආමි චූටි නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගොලයන් දෙදනෛකු වනContinue Reading