සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි සහගත බව අද (20) පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළිගත් මතය වන්නේ එක් සිගරට්ටුවක් විකිණීමේ දී එයට 75%ක බද්දක් අයවිය යුතු බවය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේContinue Reading

හොරොව්පොතාන තානායම මංසන්ධියේ නීති විරෝධී ලෙස ලියාපදිංචි නොකළ සිංහල බෙහෙත් වෙළෙඳසැලක ඉතා සූක්‍ෂම ලෙස සඟවා පාසල් ළමුන් සඳහා අලෙවි කිරීමට සැලසුම් කර තිබූ රුපියල් ලක්ෂ 6ක් වටිනා ගංජා මිශ්‍ර මෝදක 2975ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හොරොව්පොතාන පොලිසිය සමත්ව ඇත. පසුගිය දින කිහිපයේ මොරකෑව, හොරොව්පොතාන යන ප්‍රදේශවල පාසල් සිසුන් මෙන්ම සිසුවියන්Continue Reading

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් (20) අවසන් වේ. අද මධ්‍යහ්න 12.00න් පසුව නාමයෝජනා භාරගැනීම් සිදුනොකෙරෙන බව මැතිවරණ කොමිසම පැවසුවේය. පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණි. නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පළාත් පාලනContinue Reading

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (Narcotics) විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 29ක් ළඟ තබාගෙන සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසා සිටියේ, දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ වන බවත් පොලීසිය පවසයි.Continue Reading

රුපියල් මිලියන 12ක මුද්‍රණ කඩදාසි මිලදී ගැනීමක් සම්බන්ධව සාපරාදී විශ්වාසය කඩකළේ යැයි කියන සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 30වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය. නෙප්චූන් පේපර්ස් පුද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල, කොළඹContinue Reading

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට විශාල වැදගත්කමක් ඇති ස්වභාවික වරායක් වන ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සඳහා පෙර පැවැති රජයන් උනන්දුවක් දැක්වූයේ නැත. මේ නිසා මෙම වරායේ සංවර්ධන කටයුතු දිනෙන් දිනම කල්ගත වුනි. නව රජයේ දැක්මට අනුව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය. මේ පිළිබඳව සාකච්ඡාවක් පසුගිය දා වරාය කටයුතු නියෝජ්‍යContinue Reading

සහල් ටොන් 35,000ක් රැගත් නෞකා දෙකක් බංග්ලාදේශය වෙත ළඟාවී තිබේ. එම සහල් අතර තැම්බූ සහල් ටොන් 22,500ක් ඉන්දියාවෙන් පැමිණ ඇත. ජාත්‍යන්තර ටෙන්ඩරයක් හරහා ගිවිසුමක් යටතේ මෙම සහල් ආනයනය කර ඇති බව බංග්ලාදේශයේ ආහාර අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අතර, නැව්ගත කිරීමේ සාම්පල භෞතික පරීක්ෂණවලට භාජනය කර ඇති අතරContinue Reading

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැති දුරකථන සංවාදයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා පූර්ණ සටන් විරාමයකට වහාම එළැඹීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේ වුවද දින 30ක කාලයක් සඳහා යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ලකරන ප්‍රහාර නැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟතාවය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Continue Reading

නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළේය. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකාContinue Reading

නීති විරෝධී ලෙස විදේශීය දුම්වැටි 18,600ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වලාන උප මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලීසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකි.Continue Reading