38 හැවිරිදි දියණියක 65 හැවිරිදි වයෝවෘද්ධ මවගේ හිසට  මෝල් ගසකින් පහරදී ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ල ,බේස්ලයින් මාවත, සිංහපුර මහල් නිවාස හි පදිංචිව සිටි මොහොමඩ් ජැස්මින් නමැති වයෝවෘද්ධ මවකි. ඝාතනය සම්බන්ධයෙන් සැකකාර 38 හැවිරිදි දියණිය ,පහර දීමට යොදා ගත් අඩි තුනක් පමණ උසැති මෝල්Continue Reading

බිත්තර වී නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් මෙන්ම ඉන්ධන සහ පොහොර නිසි වේලාවට ගොවීන්ට ලබා නොදුනහොත් දේශපාලන අර්බුදයට වඩා ආහාර අර්බුදය උග්‍රවිය හැකි බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කේ.බී. ගුණරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.Continue Reading

පවතින දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ නොපැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ආරංචි මාර්ග පවසනවා. කණ්ඩායම් 6 කින් සමන්විත තරගාවලිය අගෝස්තු 26 සිට සැප්තැම්බර් 11 දක්වා පැවැත්වීමටයි නියමිතව තිබුණේ. ආසියානු කුසලානය පැවැත්වෙන රට වෙනස් කිරීම පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නිල නිවේදනය ළඟදීම බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.Continue Reading

ලබන විසිවනදා පැවැත්වෙන ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්දය ලබාදෙන්නේ ඊට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ නාමයෝජනා අනුව බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.එහි මහ ලේකම් නිසාම් කාරියප්පර් සඳහන් කළේ දැනට සමගි ජනබලවේගය ඇතුලු සමගි ජන සන්ධානය නියෝජනය කරන පොදු විපක්ෂයේ සාමාජිකයෙක් ලෙස තම පක්ෂය කටයුතු කරන බවයි.Continue Reading

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජංගම ඉන්ධනහලක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති, මෙම ජංගම ඉන්ධනහල මාර්ගයෙන් ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරන්නේ. ඉදිරියේ දී මෙම ජංගම ඉන්ධන හල්Continue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සියලු පක්ෂවල සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.ලබන අඟහරුවාදා එරට වේලාවෙන් පස්වරු 5.30 ට එම සාකච්ඡාව පැවැත්වෙන බවයි එරට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ප්‍රලාද් ජෝෂි නිවේදනය කර ඇත්තේ.ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මෙම සර්වපාක්ෂිකContinue Reading

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව දින දෙකට දීර්ඝ කරමින් හෙට සහ අනිද්දා (18 සහ 19) දක්වා ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (17) පෙරවරුවේ පැවසීය. ඒ අනුව එම දින දෙකේContinue Reading

වාහන කීපයක් පාවිච්චි කරන සමාගම්වලට ‘ජාතික ඉන්ධන බලපත්‍රය‘ නිකුත් කිරීම සඳහා හඳුන්වා දුන් යෙදවුමේ ඉදිරියේදී වෙනස්කම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ පැවසීය. සමාගම්වලට වාහන කීපයක් ලියාපදිංචි කළ හැකි ආකාරයට යෙදවුම වැඩි දියුණු කරන බව ද අමාත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.Continue Reading

නිවසේ ඇති ආහාර හිඟයට පිළියමක් ලෙස පලා ටිකක් කැඩීමට දෙටගමුව වැවට ගිය පිරිසක් අතර සිටි 13 හැවිරිදි දරුවකු කිඹුලෙක් ඩැහැගෙන යද්දී අසල සිටි පිරිස වැවට පැන දරුවා බේරාගෙන ඇතැයි පොලිසිය කියයි.   සිය පුංචි අම්මා ඇතුළු ඥාතීන් පිරිසක් සමග පලා කඩමින් සිටියදී එකවර වැවෙන් මතු වූ කිඹුලා දරුවා ඇදගෙන යද්දී අසලContinue Reading

සීගිරියේ ගොවීන් වනජීවී නිලධාරීන්ට චෝදනා කරනවා. ඒ, සිය වගාවන් සිදු කිරීමට ඔවුන් ඉඩ ලබා නොදෙන බව පවසමින්. ලොකු ළුෑණු, මුංඇට, පැණි කොමඩු ඇතුලු භෝග වගා කරන ගොවීන් පවසන්නේ දීර්ඝ කාලයක සිට සීගිරිය අභයභූමිය විනාශ කරන බවට චෝදනා කරමින් වනජීවී නිලධාරීන් තමන්ට වගාවන් සිදුකිරීමට ඉඩ නොදෙන බවටයි.Continue Reading