යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකු අද (05) දහවල් ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ. අටලුගම මහපල්ලිය අසලදී මෙම අනතුර සිදුවී තිබූ අතර ප්‍රදේශවාසීන් එක්වී පොලිස් නිලධාරියාව බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම පොලීසියට අනුයුක්තව සේවය කරන රණවීර නම්Continue Reading

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ඇප තැන්පත් භාරගැනීම ආරම්භකළ ඉකුත් 3වනදා සිට ඊයේ (4) ප.ව. 4.15 දක්වා කාලය තුළ ඇප තැන්පත් කරනු ලැබූ දේශපාලනය පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව අද (5) ප්‍රකාශයට පත්කළේය‍. 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඇප තැන්පත් කිරීමේ වාර්තාවContinue Reading

දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ. ඒ ඔහුට එරෙහි නඩුව අද (05) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළව දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය මඟින් මීට පෙර විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.Continue Reading

අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.Continue Reading

නීතිවිරෝධිව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 18ක් වටිනා සිරුර පැහැපත් කිරීමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් 179ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අද (05) උදෑසන ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් අතරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තිය කොළඹ, කොටහේන ප්‍රදේශයේContinue Reading

තීරුබදු රහිතව ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිතා කරන ලද වාහන සන්තකයේ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (04) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ පැල්මඩුල්ල පොලීසියේ නිලධාරීන් විසින්ය. තීරුබදු රහිතව මෙරටට ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කරන ලද ජීප් රථයක් හා මෝටර් රථයක් පැල්මඩුල්ල පොලිස් වසමේ ගරාජයකContinue Reading

රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී තිබේ. රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්‍රහණය කරගැනීමට හැකියාව පවතින බව පොලීසිය පවසයි.  මේContinue Reading

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහContinue Reading

අද (04) උදෑසන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබේ. ඔහුව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.  වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මෙලෙස අධිකරණයට බාරවී තිබුණි. සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේContinue Reading

2030 වන විට මෙරට විදුලිබල ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කර තිබේ. ඒ අනුව සියඹලාණ්ඩුව මෙගාවෝට් 100 සූර්ය විදුලිබල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233ක භූමි භාගයක් හඳුනාගෙන ඇත.  එබැවින්Continue Reading