ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.  අගෝස්තු මාසයේ දී එය සටහන් වූයේ 1.1%ක් ලෙසය. 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී  0.5%ක්Continue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් නැවත භාරදී තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනැවිත් භාර දී ඇති බවය. එම වාහන අතර ගිලන්රථයක්, වෑන් රථයක් හා කැබ් රියක් වේ. Continue Reading

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශක්තිමත් විපක්ෂයක කාර්යභාරය ඉටුකිරීමේ වගකීම සර්වජන බලය වෙත ජනතාව පැවරිය යුතු බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පානදුර ප්‍රදේශයේ ඊයේ (21) පැවති ජන හමුවක් අමතමින්. “දැන් අපේ අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඉතා අමාරුවක වැටිලා ඉන්නේ ආර්ථික වශයෙන් ගත්තොත් වැඩපිළිවෙළක් නැතිවContinue Reading

ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා සංවිධානය මඟින් පවත්වා ගෙන යනු ලබන බැංකු වෙත ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය විනාශකරන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා සුළු වේලාවකට පසුව මෙම ප්‍රහාර එල්ලකර තිබුණි. පසුගිය මස ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන වෙතContinue Reading

සුරියවැව, වැවේගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ගිනි අවි නිෂ්පාදනය කිරීමේ කම්හලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (20) දිනයේ මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී මෙරට නිෂ්පාදිත T කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් සාදා නිම කරන ලද ගිනි අවියක කොටස් හාContinue Reading

සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබා දෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබා දී ඇති සියලුම ගිනිඅවි පිළිබඳව සමාලෝචනයක් සිදුකිරීමෙන් පසු නැවත ලබා දීමට යටත්වContinue Reading

ව්‍යාජ දුරකථන ඇමතුම් මගින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව පොලීසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 09කට පමණ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දී එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවකට ලක්ව ඇතිContinue Reading

ශ්‍රී ලංකාව හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පල්ලේකැලේ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වනවිට නතර කර තිබේ. වර්ෂාව ඇඳහැලෙන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියේය. කෙසේ නමුත් පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාව ඇඳහැළුණු නිසාContinue Reading

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර අද (20) පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. සති කිහිපයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී පැවැත්වේ. තරගය  රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් තිබේ. ගතවූ දිනයේ පැමිණිලි 58ක් කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 401ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ ඒවා වනContinue Reading