උළුක්කුලම, පාවක්කුලම ප්‍රදේශයේ කිඹුලෙකු සපා කෑමෙන් කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (21) උදෑසන කාලයේදී  එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 67 ක් වූ පුදුකුඩුමනේ, සුඩුවේන්ද්‍රපිලව් ප්‍රදේශයේ පදිංචිකාරියකි. මරණකාරිය ගවයන් රැගෙන යමින් සිටියදී ඇලක සිටි කිඹුලෙකු සපා කෑමෙන් මෙම මරණය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.Continue Reading

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 දෙසැම්බර් මස 12 වන දින පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. ඒ අනුව විශේෂඥContinue Reading

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (22) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.     මධ්‍යම, සබරගමුව,Continue Reading

සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව අද ප්‍රකාශ කළේය. වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට හා රජයේ ආනයනකරුවන්ට රජය අවසර ලබාදී තිබුණේ ඊයේ දක්වා පමණි. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම කාලය තුළContinue Reading

පෞද්ගලික බස් රථයක් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද පෙරවරු 10ට පමණ අනතුරට පත්විය. එම බස් රථය අනතුරට ලක්ව තිබුණේ හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබියදීය. රියැදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ කොන්ක්‍රීට් බැම්මකින් පහළට වැටී තිබුණි. එම අනතුරින් අනතුරින් තුවාල ලැබූ රියැදුරු සහ සහයකContinue Reading

තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙන එරට පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මතභේදයට තුඩු දී ඇති විපක්ෂයේ යෝජනා මගින් අධිකරණ පද්ධතියේ සංශෝධන මෙන්ම නුසුදුසු රජයේ නිලධාරීන් ධුරයෙන් පහකිරීම සම්බන්ධ නව නීති හඳුන්වාදී තිබුණි. කෙසේ වුවද පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂයContinue Reading

තලේබාන් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මිය ගොස් තිබේ. ඉස්ලාමාබාද් – ඇෆ්ගනිස්තාන දේශසීමාව අසල හමුදා මුරපොළකට තලේබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයෙන් තවත් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් ය.Continue Reading

කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී බස් රථයක් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව ඇතැයි වාර්තා වේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට නුවර බලා ධාවනය වූ තෙල්දෙණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයකි.  අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද සඳහන්. තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන්Continue Reading

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 193,200ක් දක්වා ඉහළ ගොස් තිබේ. පෙරේදා (19) දිනයේ දී එය සටහන් වූයේ රුපියල් 190,500ක් ලෙසය. මේ අතර “කැරට් 24” රන් පවුමක මිල අදContinue Reading

පුද්ගල ඝාතන 5ක පමණ සැකකරුවකු වන පැතුම් නොහොත් ‘ලොක්කා’ ඊයේ (20) රාත්‍රියේ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි. ගාල්ල – දඩල්ල ප්‍රදේශීයේදී ලොක්කා නැමැත්තා කාන්තාවක් සමග යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී ඔහුට වෙඩි තබා ඇති බව වාර්තා විය. ගාල්ල – දඩල්ල කනත්ත ආසන්නයේදී ඊයේ සවස 6.50ට පමණ එම වෙඩිContinue Reading