කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34 සහ 40 හැවිරිදි වියේ පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. එහිදී ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 70කට අධිකාර ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 28කට ආසන්න බව නාවිකContinue Reading

අද සවස (06) පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් පැවති අතර එහිදී ඒකාබද්ධ බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ ගැටලුවලට සාධනීයව මැදිහත් වෙමින් කඩිනම් විසඳුම් ලබාදීමට පොරොන්දු වූ අතර ඒ හේතුවෙන් සහ දැනට දිවයින පුරා ඇති වී තිබෙන ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට දවසේ උදෑසන 8ට ආරම්භContinue Reading

පාදුක්ක වග ඉරිදාපොළ ප්‍රදේශයේදී මහා ගංවතුරේ පිහිනා ගොස් ජීවිත දෙකක් බේරාගත් පාසල් සිසුවියක් ගැන අපවෙත තොරතුරු වාර්තාවිය. 17 හැවිරිදි වියේ පසුවන චරිත්මා ජිනේන්ද්‍රි මාඉටිපේ නමැති ඇය පාදුක්ක සිරි පියරතන විදුහලේ ඉගෙනුම ලබයි. පසුගියදා ඇදහැළුණු මහා වර්ෂාව සමග එම වග ඉරිදාපොළ ආසන්නයෙන් ගලා බසිනා වක් ඔයේ ප්‍රචණ්ඩ සැඩ පහර එක්වරම ඉහළගොස්Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කළේය. නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ජනතාව දක්වන විශ්වාසය මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවල අඛණ්ඩ වර්ධනය පිළිබඳවContinue Reading

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමෙන් සහ ත්‍රිවිධ හමුදා සහාය ඇතිව යළි ඉදිකර දීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඊයේ (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊටContinue Reading

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රීContinue Reading

ඉන්දීය මහ මැතිවරණය නිමාවට පත් වෙද්දී, ඡන්ද මධ්‍යස්ථානවල, මැතිවරණ රාජකාරි කළ මැතිවරණ නිලධාරීන් තිස් තුන් දෙනකු අධික උණුසුම දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත් ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මරණ වාර්තා වන්නේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. මේ වනවිට, ඉන්දියාවේ උතුරු සහ මධ්‍ය ප්‍රාන්ත දැඩි උණුසුම් කාලගුණයකින් බැට කයි. ඇතැම් ප්‍රාන්ත සහ නගරවලContinue Reading

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සිදුවු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව තිබේ. අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක ප්‍රදේශීය ලේකම්Continue Reading

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (03) දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසුContinue Reading

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.   ඉදිරි පැය 24 ට වලංගුවන පරිදි  දහවල් මෙම  නිවේදනය නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලත් මි.මී. 150 ට වැඩි ඉතො තදContinue Reading