පුවක්පිටිය, තුන්මෝදර අවිස්සාවේල්ල මාර්ගයේ මිරිස්කුඩු වංගුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ එම මාර්ගයේ ධාවනය වූ කන්ටේනර් රථයක්, යතුරු පැදියක ගැටී එම අනතුර සිදුවූ බවය. යතුරුපැදියේ සිටි එක් පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර අනෙක් නිලධාරීයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කළ බවContinue Reading

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ. අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව දැනුම් දී ඇත. මේ පිළිබඳ අදහස් දක්වමින් ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු, ළහිරු වීරසේකර මහතා පවසා සිටියේ, සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා නම්Continue Reading

විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (29) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම තීරණය දැනුම් දුන්නේය. තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරග කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නොව වෙනත් සන්ධානයකින් බව ද ඒ මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා, “කැබිනට් මණ්ඩලයේContinue Reading

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 ජූලි මස 26 වන දින සිට සාමාන්‍ය කාර්යාල වේලාවන් තුළ පහත සඳහන් ස්ථානවල ප්‍රදර්ශනය කෙරේ. * සියලුම දිස්ත්‍රික්Continue Reading

හිස්බුල්ලා සටන්කරුවන් විසින් ඊශ්‍රායලය අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකර ප්‍රදේශයේ පිහිටි පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ අවසන් කටයුතු සිදුකර තිබේ. එහිදී දරුවන් සහ තරුණයින් ඇතුළු 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි. මේ අතර ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකළ යුතු බවට ආ යෝජනාව සම්මත කර තිබේ. හිස්බුල්ලාContinue Reading

අමෙරිකාවේ නිව්යෝර්ක් හි රොචෙස්ටර් නගරයේ සිදුකළ වෙඩිතැබිමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. නිවියෝර්ක් හි රොචෙස්ටර් නගරයේ පිහිටි ‍මේපල්වූඩ් උද්‍යානයේ දී මෙම වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩිවැදිමෙන් මියගිය පුද්ගලයා 20හැවිරිදි අයෙකු වන අතර තුවාල ලැබු එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳContinue Reading

ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4 ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබේ. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මේ බව පැවසීය. ඒ මහතා සඳහන් කළේ සාමාන්‍ය තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපිද්‍රව්‍ය සඳහා වියදම්, ප්‍රවාහන වියදම් සහ පරිපාලන ගාස්තු ආදිය ඇතුළු වියදම් රැසක් සඳහා මෙම ඇස්තමේන්තුව යොමුකළContinue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කෑලි තුනකට කැඩී ගොස් ඇත. ඒ එහි නියෝජිතයන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට උදව් කරන බව ප්‍රකාශ කිරීම හේතුවෙනි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට දැනටමත් තීරණය කර ඇත. අමාත්‍ය නිමල් සිරිපාල දContinue Reading

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවැත්වෙන ”ජයගමු ශ්‍රී ලංකා” ජන රැලිය අමතමිනි.ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සහාය ලබාදෙන බවය.Continue Reading

2023 වසරේ මුල් මාස 10ක කාලය තුළ මනුෂ්‍ය ඝාතන 500කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. ඒ අනුව පසුගිය වසරේ අදාළ කාලය තුළ මනුෂ්‍ය ඝාතන 488ක් සිදුව ඇති අතර ඉන් 52ක්ම සිදුව ඇත්තේ වෙඩිතැබීම් හේතුවෙන් බව එම වාර්තාවේ දැක්වෙයි.Continue Reading