වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අද (14) දිනයේ සිට සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව, පළමු අදියරේදී රුපියල් 15,000 ක මුදලක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000 ක මුදලක්  ලබාදීමට නියමිතයි. අමාත්‍යවරයා පැවසුවේ පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර පසුව පොළොන්නරුව, අනුරාධපුරයContinue Reading

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතව තිබේ. හෙට පෙරවරු 9.30ට මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාව ද මෙය වේ. ඒContinue Reading

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන රැලියක් ආසන්නයේ නීතිවිරෝධී ලෙස තුවක්කු දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කැලිෆෝනියාවේ සංවිධානය කර තිබු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන රැලියක් ආසන්නයේ එරට පොලීසිය විසින් ක්‍රියාත්මක ආරක්ෂක මුරපොළකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී නීතිවිරෝධි තුවක්කු දෙකක් සහ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සොයාගෙන ඇතිContinue Reading

ගම්පොල නගරයේ දී ගම්පොල දෙස සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ජීප් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කුඩා පිරිමි දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ මෙම අනතුර ඊයේ (13) පස්වරුවේ සිදුව ඇති බවය. ජීප් රථය ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයේ ගැටීමේදී ත්‍රීරෝද රථය පෙරළී ගොස්Continue Reading

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් මෙලෙස අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවය.  ඒ අනුව පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව වාර්තාContinue Reading

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට සිය වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ අද (13) පස්වරුව වන විට එම අපේක්ෂකයින් අදාළ වාර්තා භාරදී තිබූ බවය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබාදීමට ඇති කාලය අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ. එම කාලය තුළ අදාළContinue Reading

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරුවන් සතුව තිබුණු ඩෙස්ක්ටොප් පරිගණක 15ක් සහ ජංගම දුරකථන 15ක් පොලිස් භාරයට ගෙන ඇති බවය. Continue Reading

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වේ. පළමු තරගයේ කාසියේ වාසය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවන අතර කොදෙව් කණ්ඩායමේ නායකත්ව හිමිව ඇත්තේ රෝමන් පවෙල් හටය. තරගයContinue Reading

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර ඇත. සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවරදී අද (13) පැවැති රැස්වීමකදී ඔහු මේ බව අනාවරණය කළේය. මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දේශපාලනික වශයෙන් අනාථවූවෙකු නොවන බවයි. තාවකාලිකව දේශපාලයෙන්Continue Reading

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙටContinue Reading