අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් අද (22) විශේෂ දුම්රියක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම නිවේදනය පහතින්Continue Reading

අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී “the morning” දිනපතා ඉංග්‍රීසි පුවත්පතේ පළවූ වාර්තාවක් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කළේය. ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසය.  ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලිගේ නඩුව ඉකුත් බදාදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයටContinue Reading

රාජ්‍ය බැංකුවක ප්‍රධාන ලිපිකරුවෙකුට කොළඹ පූර්වගාමී මහධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් බරපතළ වැඩසහිත වසර 30ක සිරදඬුවම් නියම කර තිබේ. ඒ, ව්‍යාජ ලේඛන සකසමින් ගනුදෙනුකරුවෙකුගේ මුදල් සිය ගිණුමට හරවා ගැනීම ඇතුළු චෝදනාවලට වරදකරු කරමිනි.  කෙසේවෙතත් එම සිරදඬුවම වසර 5කින් ගෙවීයා යුතු බවත් විනිසුරුවරයා නියෝග කර සිටියේය. රාජ්‍ය බැංකුවක කොලොන්නාව බැංකුContinue Reading

තානාපතිවරුන්ගේ නිල රථ සඳහා පමණක් රජය මගින් ලබාදුන් ලියාපදිංචි අංකය ව්‍යාජ ලෙස අංක තහඩුවක ඇතුළත් කරන ලද ජීප් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ. අදාළ රථය රුපියල් ලක්ෂ 20කට විකිණීමට සූදානම් වූ අවස්ථාවේදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබුණි. ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේContinue Reading

පාස්කු ඉරුදින ශ්‍රැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඉන්සාෆ් අහමඩ් හා ඉල්ලාම් අහමඩ් යන අයගේ පියා සහ සහෝදරයින් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ  “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා ජනවාරි 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාContinue Reading

පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණි. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 173ක් හිමිවූ අතර විපක්ෂව සරත් වීරසේකර මහතා පමණක් ඡන්දය භාවිත කර තිබුණි. ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතවContinue Reading

සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරිකයින් 06 දෙනෙකු විසින් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රජය විසින් ප්‍රකාශයට පත්කළ අධිආරක්ෂිත කලාපවලට එරෙහිව පැවති සාමකාමී උද්ඝෝෂණයකට සහභාගීවී සිටි තමන්ට පොලීසිය සිදුකළ පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවද ඔවුන් සඳහන් කරයි.  පෙත්සම්කරුවන්  සඳහන් කරන්නේContinue Reading

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12ට තේරී පත්වූ කණ්ඩායම් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව Group 1 යටතේ, ඇෆ්ගනිස්තානයඔස්ට්‍රේලියාවඑංගලන්තයඅයර්ලන්තයනවසීලන්තයශ්‍රී ලංකාව Group 2 යටතේ, බංග්ලාදේශයඉන්දියාවනෙදර්ලන්තයපාකිස්තානයදකුණු අප්‍රිකාවසිම්බාබ්වේContinue Reading

රටම කතාවෙන මව්බිමේ ක්‍රිකට් වසන්තය LPL තරගාවලියේ නව ලාංඡනය එළිදැක්වීම අද සිදුකර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා තරගයක් පැවැත්විය. ඉන් ජයග්‍රහණය හිමිකරගත් ධෛර්යය සංඛේතවත් කරන ‘සිංහ’ සංකේතය වටා නිර්මාණය වී ඇති ලාංඡනයක් LPL නිල ලාංඡනය ලෙස තෝරාගෙන ඇත. මෙම නිර්මාණය සිදුකර ඇත්තේ මියුලික වීරමන්ත්‍රීContinue Reading

රාජ්‍ය අමාත්‍යවරුන්ට විශේෂ පහසුකම් සලසමින් රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එම පෙත්සම සලකාබැලීම සඳහා නොවැම්බර් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියමකළේය. මෙම පෙත්සම එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විතContinue Reading