හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වී තිබේ.  කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.  දශක ගණනාවක් ශාසනික උන්නතියට සහ සමාජ මෙහෙවර වෙනුවෙන් දායක වූ උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසුවිය.Continue Reading

‘පැරිස් 2024’ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලාපොරොත්තුවක් වන තරුෂි කරුණාරත්න සහභාගී වන කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටයේ තරග අද (02) පැවැත් වෙයි. මෙම තරග මෙරට වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්වීමට නියමිතය. තරුෂි එහි 06වැනි මූලික තරගයට සහභාගී වන අතර, එම තරග ඉසව්ව මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.00ට ආරම්භකිරීමටContinue Reading

අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඒ බව දැනුම්දී ඇත. එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වෙයි.Continue Reading

අන්තර්ජාලය හරහා අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයින් ඇතුළු 08 දෙනෙකු ගාල්ල පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගාල්ල වරාය පොලිස් වසමේ උඩුගම ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක් පරීක්ෂා කිරීමේදී මෙම විදේශ ජාතිකයින් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. මෙම සැකකරුවන් අවුරුදු 24 හා 36 අතර වයස්වලContinue Reading

මෙරට ජනගහනයෙන් සියයට 67කට ආසන්න ප්‍රමාණයකට ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ආයතනය එක්වී පානීය ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සිදුකරන ලද ගෘහස්ථ සමීක්ෂණයේදී මේ පිළිබඳ කරුණු හෙළිවී ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේContinue Reading

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.Continue Reading

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් අද (02) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. එමෙන්ම බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. මධ්‍යමContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය නායකයින් සිය නිවෙස වෙත කැඳවා තිබෙනවා. ඒ අනුව හිටපු පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු 78ක් ඇතුළුව ග්‍රාමීය නායක, නායිකාවන් අති විශාල පිරිසක් මන්ත්‍රීවරියගේ නිවසට පැමිණ ඇත. ‘රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවීමට පොහොට්ටුවේ සහය ලබාදිය යුතු යැයි’ එම පිරිසContinue Reading

ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි. මදුශංක වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති අතර පතිරණගේ දකුණු උරහිස ආබාධයකට ලක්ව ඇති බව සඳහන් ය. ඔවුන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග ව සංචිතයට කැඳවා ඇතිContinue Reading

1975 සිට 1987 දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙක් වන අන්ෂූමන් ගයික්වාඩ් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු 71 වන වියේ පසුවිය. ඔහු කලක් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය. රුධිර පිළිකාවෙන් පීඩා විඳි ගයික්වාඩ් බරෝඩා හි රෝහලකදී ජීවිතක්ෂය පත්වී තිබුණි.  ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40කටContinue Reading