වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 110 දෙනෙකු මියගොස් තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලතාවයකින් යුතු පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවය. එමඟින් ගොංෂු පළාතේ සහ කිංග්හායි පළාතේ ගොඩනැගිලි විනාශ වී තිබේ. භූ කම්පනයෙන් පුද්ගලයින් 222 දෙනෙකු තුවාලContinue Reading

සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනත ධර්මකීර්ති මහතා පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගෙන ඇත. ඒ අනුව  කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව මෙම සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු අමාත්‍යවරයා විසින් ජනක ධර්මකීර්ති මහතාටContinue Reading

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර එම අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.Continue Reading

කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ වෙඩි 6ක් පමණ තබා ඇති බවට පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසු බවය. කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව ද වාර්තා වේ. වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව පරීක්ෂණContinue Reading

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම්Continue Reading

පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට සමත්ව තිබේ. ජාඇල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ලද තොරතුරකට අනුව මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත. මෙම කේරළ ගංජා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 2කට පමණ ආසන්න බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශනContinue Reading

මූල්‍ය අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වූ වතිකානයේ කාදිනල්වරයෙකුට වසර පහමාරක සිර දඬුවමක් නියම කර තිබේ. මෙලෙස සිර දඬුවම් හිමිව ඇත්තේ 75 හැවිරිදි වියේ පසුවන ඉතාලි ජාතික ඇන්ජෙලෝ බෙචූ නම් කාදිනල්වරයෙකුටය. ඉතාලි ජාතික කාදිනල්වරයා පාප් වහන්සේගේ හිටපු උපදේශකවරයෙකුද වීම විශේෂත්වයකි. වතිකානයේ අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබාදී තිබේ. ලන්ඩන් හි දේපළක් මිලදීගැනීමේදීContinue Reading

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු හෙට (18) සිට යළි ආරම්භ කෙරෙන බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පවසයි. මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කෙරෙන බව උපකුලපතිවරිය පැවසීය. ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින්Continue Reading