තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පිරිස 40,000කට ආසන්න වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මීට සතියකට පෙර තුර්කි සිරියා දේශසීමාව ආසන්නයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය ගණන තවදුරටත් ඉහළ යමින් පවතී. මේ අතර දෙරටේම මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට අවසන් වෙමින් ඇත්තේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින්ව නිරුපද්‍රිතව මුදාගැනීමට ඇති හැකියාවContinue Reading

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ යළිත් වරක් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව පෙබරවාරි මස 21 වනදා දක්වා යළිත් වරක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.Continue Reading

බොරැල්ල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධහමුදා සෙබළුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත හල්ගහකුඹුර ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. පොලීසිය පවසන්නේ යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකුContinue Reading

කුලියාපිටිය මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ මෝටර් රථය කොල්ලකෑ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.Continue Reading

2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බෝල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100ක මුදලකට මිලදී ගන්නා ලෙසය. එමෙන්ම තෙතමනය 14% ඉක්මවන හාContinue Reading

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයකදී අසාධ්‍ය වූ කාන්තාවකගේ දිවි බේරාගැනීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්ව ඇත. මෙලෙස අදාළ කාන්තාවගේ දිවි බේරාගැනීමට සමත්ව ඇත්තේ මනෝරි ගමගේ නම් වෛද්‍යවරියකි. 75 හැවිරිදි වියේ පසුවූ වයෝවෘධ කාන්තාවක් ගුවනේදී මෙලෙස ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත. එහිදී ගුවන් කාර්ය මණ්ඩලයේContinue Reading

අද (13) උදැසන මින්නේරිය නගරයේ සිට හිඟුරක්ගොඩ දක්වා මින්නේරිය බස්නැවතුම් පොළෙන් පිටත් වු බස්රථයක් නොසිතූ ලෙස අනතුරකට ලක්ව තිබුණි. ඒ බස්රථයේ රියදුරුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙනි.Continue Reading

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය. විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම අද (13)Continue Reading

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් සුළු භූකම්පන තත්ත්වයන් පිළිබඳ මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ ඉංජිනේරු  විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මෙරට භුමියේ පිහිටීම අනුව විනාශකාරී අවදානම් සහිත භූකම්පන ඇති වීමේ හැකියාවක් නොමැති බවය. “වැල්ලවාය,Continue Reading

තල් රා එංගලන්තයේ ජනප්‍රිය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසීය. මීට අමතරව තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනද එංගලන්තයේ ප්‍රචලිත කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ වැඩසටහනේදී තල් රා මොක්ටේල් ආකාරයට පිළියෙල කර ලබාදීම විශේෂත්වයක් බවද සඳහන් කළේය. තල් ආශ්‍රිත නිෂ්පාදන එංගලන්තයටContinue Reading