අමෙරිකාවේ බැල්ටිමෝර්හි පාලමක ගැටී අනතුරට පත් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පැවැති නෞකාව තුළ විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. ඔවුන්ට අනුව එහි තිබී ඇති අපද්‍රව්‍ය තොගයේ බර ටොන් 746කි.  අමෙරිකාවේ බැල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට ලක්වූ ද ඩාලි බහාලුම් ප්‍රවාහන නෞකාව එමContinue Reading

හයිටි හි ක්‍රියාත්මක අවිගත් කල්ලිවල ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එරට ජනතාවගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ අනුව, විශේෂඥයින් මත පළකරන්නේ, හයිටි රාජ්‍යය තවත් දුගී බවට පත්වනු ඇති බවය. කැරිබියානු කලාපයේ පිහිටි හයිටි සැලකෙන්නේ කලාපයේ වඩාත්ම දුගී රාජ්‍යය ලෙසයි. හයිටි හි වරාය, ගුවන්තොටුපොළ ඇතුළු ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථාන අවිගත් කල්ලි යටතේContinue Reading

ඉන්දීය නාවික හමුදාව විසින් අරාබි මුහුදේ දී මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි ඉරාන ධීවර යාත්‍රාවක් සහ එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට සමත්ව තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, පැය 12කට අධික කාලයක් පුරා මුහුදු කොල්ලකරුවන් සමඟ පැවති මෙහෙයුමකින් අනතුරුව මෙම මුදා ගැනීම සිදුකර ඇති බවය. සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සඳහා අරාබි මුහුදේ යොදාContinue Reading

ආසියාව සඳහා වූ බොආඕ සංසදයේ වාර්ෂික සම්මන්ත්‍රණය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගීවී තිබේ. චීනයේ හයිනන් නුවර පැවැති මෙම සම්මන්ත්‍රණයට එක්වු අග්‍රාමාත්‍යවරයා එහිදී විශේෂ ආමන්ත්‍රණයක් සිදුකළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය. ආදායම සාධාරණ ලෙස බෙදීයන… දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සියලු ආසියානු රටවලින් ඉල්ලීමක් සිදුContinue Reading

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තිබීම නීතියෙන් තහනම් වෙයි. එමෙන්ම අවුරුදු 14 ට අඩු ළමුන්Continue Reading

ලොවක් ආදරය කරන බටහිර සිනමාවේ සුපිරි වීරයා ආනොල්ඩ් තවත් සැත්කමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත. එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් හෘද සැත්කම් 3කට මීට පෙර මුහුණ දී ඇති බවත් මේ වනවිට pacemaker උපකරණයක් සවිකරContinue Reading

වියට්නාමයේ ජනාධිපති Vo Van Thuongගේ ඉල්ලා අස්වීම එරට කොමියුනිස්ට් පක්ෂය පිළිගෙන තිබේ. එරට ජනාධිපති ලෙස පත්වූ Vo Van Thuong වසරක් පමණක් ගතවීමෙන් අනතුරුව මෙලෙස ඉල්ලා අස්වීම විශේෂත්වයකි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ Vo Van Thuong ජනපති පක්ෂයේ විශ්වාසය පළුදුවන අයුරින් වැඩකටයුතු සිදුකර ඇති බවය. එමගින් පක්ෂයේ කීර්තිනාමයටContinue Reading

හමාස් සටන්කරුවන් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරන ලෙසට බලකරමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි. ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට මාස පහක කාලයක් ගත වි තිබේ. කෙසේ වුව ද ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ප්‍රාණඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් සියයකට අධික පිරිසක් තවමත් සිටින්නේ හමාස්Continue Reading

මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවකි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රාව ගමන් කරමින් පැවති බවය. අනතුරට ලක්වීContinue Reading

ගාසා තීරයට ගුවනින් හෙළන ලද ආධාර පැකේජයකට යටවීමෙන්  පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ආධාර රැගත් පැරෂුටයක් ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. එක්සත් ජනපදය, ජෝර්දානය, ඊජිප්තුව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ බෙල්ජියම පසුගිය දිනවල ගාසා තීරයට ගුවන් මඟින් ආධාර ලබා දීමට පියවර ගෙන තිබුණි. අමෙරිකාව සහ ජෝර්දානContinue Reading