අමෙරිකා එක්සත් ජනපදයට හමුදාමය වශයෙන් සහ සයිබර් අවකාශයේ ප්‍රබලතම තර්ජනය එල්ල කරන්නේ චීනය විසින් බව අමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානීන් පෙන්වා දෙයි. අමෙරිකානු බුද්ධි අංශ විසින් වාර්ෂිකව නිකුත් කරන, අමෙරිකාවට ඇති තර්ජන පිළිබඳ ඇගයීම් වාර්තාවේ මේ බව සඳහන් වේ. එහිදී ඔවුන් අවධාරණය කර ඇති ප්‍රධාන කරුණ තමයි චීනය සිය සන්නද්ධ සහContinue Reading

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ එරට අගමැති Han Duck-sooට එරෙහිව එරට විපක්ෂය විසින් ගෙන ආ දෝෂාභියෝගය දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව, වැඩතහනමට ලක්ව සිටි  Han Duck-soo නැවත් දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිත බව සඳහන් වේ. එමෙන්ම වත්මන් වැඩබලන ජනාධිපතිContinue Reading

චීනය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වු කැනේඩියානු ජාතිකයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. ඔවුන් සියලු දෙනාම ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් බව කැනේඩියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත. චීනය මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලැබුව ද විදේශිකයින් සඳහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකෙයි. කෙසේවෙතත් ජාත්‍යන්තර මානවContinue Reading

සහල් ටොන් 35,000ක් රැගත් නෞකා දෙකක් බංග්ලාදේශය වෙත ළඟාවී තිබේ. එම සහල් අතර තැම්බූ සහල් ටොන් 22,500ක් ඉන්දියාවෙන් පැමිණ ඇත. ජාත්‍යන්තර ටෙන්ඩරයක් හරහා ගිවිසුමක් යටතේ මෙම සහල් ආනයනය කර ඇති බව බංග්ලාදේශයේ ආහාර අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අතර, නැව්ගත කිරීමේ සාම්පල භෞතික පරීක්ෂණවලට භාජනය කර ඇති අතරContinue Reading

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැති දුරකථන සංවාදයෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා පූර්ණ සටන් විරාමයකට වහාම එළැඹීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේ වුවද දින 30ක කාලයක් සඳහා යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ලකරන ප්‍රහාර නැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟතාවය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Continue Reading

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී විරෝධතාවක් පැවැත්වුණි. ඒ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට විරෝධය පළ කරමින්ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝග රැසකට අත්සන් තැබුවේ සිය දෙවැනි ධුර කාලය අරඹමිනි. ඒ අනුව, විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දීම අවලංගු කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය. ඒContinue Reading

යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. පසුගිය සතියේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්‍රේනය සහ රුසියාව අතර පවතින ගැටුම් නතර කර සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බවට අමෙරිකානුContinue Reading

නේපාලයේ අද (28) අළුයම භූ කම්පයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත. කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ  සින්දුපල්චොව්ක් දිස්ත්‍රික්කයට අයත් භයිරව්කුන්ඩා ප්‍රදේශයේ මෙය සිදුව තිබේ. නේපාලයේ භූ කම්පන නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කළේ එරට වේලාවෙන් අලුයම 2:51ටContinue Reading

යුක්‍රේනයේ විරල ඛනිජ ලබාගැනීමේ ගිවිසුමකට එළැඹීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේ අමෙරිකාව යුක්‍රේන යුද්ධය වෙනුවෙන් වැය කළ මුදල නැවත ලබාගැනීමේ අරමුණින් ය. ආරම්භයේ දී එම ගිවිසුමට එළැඹීමට යුක්‍රේනය ප්‍රතික්ෂේප කළත් සංශෝධන කිහිපයකින් පසුව ඊට එකඟ වීමට යුක්‍රේනය තීරණය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. ඒ යුක්‍රේනය ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපයකට අමෙරිකාව අනුමැතියContinue Reading

චීන ජාතිකත්වය සහිත අපරාධ සැකකරුවන් 200කින් යුත් පළමු කණ්ඩායම මියන්මාරයේ සිට චීනයට රැගෙන විත් තිබේ. චීන පොලීසිය විසින් ඊයේ (20) මියන්මාරයේ Myawaddy කලාපයේ සිට විශේෂ චීන සිවිල් ගුවන් යානා හතරකින් එම පිරි මියන්මාරයේ සිට යළි චීනයට රැගෙන විත් තිබේ. චීන මාධය වාර්තා කර ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ චීන ජාතිකත්වය සහිතContinue Reading