ලොව පුරා මේ වනවිට ඉහළ ජනප්‍රියත්වක් ලබා සිටින චීනයේ “Ne Zha 2” නම් සජීවීකරණ චිත්‍රපටය වාර්තා රැසක් තබමින් තිරගත වෙයි. එම චිත්‍රපටය මේ වනවිට ඩිස්නි සමාගමේ “Inside Out 2” චිත්‍රපටය ද අභිබවා ලොව වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට පත් ව තිබේ. ඊයේ (18) සවස වන විට මෙම චීන චිත්‍රපටයේContinue Reading

පලස්තීනය විසින් සෙනසුරාදා දහවල් වන විට අපගේ ප්‍රාණ ඇපකරුවන් ආපසු නිදහස් නොකළ හොත් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බව ඊශ්‍රායල අනතුරු අඟවා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේContinue Reading

අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. එමෙන්ම විධායක නියෝගයක් හරහා පෙබරවාරි 9 වන දිනය “Gulf of America” ලෙසද නම් කර ඇත. ඔහු ඊට අදාළ විධායක නියෝගය අස්සන් තැබුවේ, ජනාධිපතිවරයා රැගත් නිල ගුවන්යානය මෙක්සිකානු බොක්කටContinue Reading

විවිධ චෝදනා රැසකට වරදකරු කර ඇති පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් තවදුරටත් පසුවන්නේ බන්ධනාගාරගතවය. ඒ අනුව, ඛාන් අගමැතිවරයා වහාම නිදහස් කරන්නැයි බලකරමින් ඔහුගේ පාක්ෂිකයින් ඊයේ (09) එරට වයඹදිග ස්වාබි නගරයේදී විරෝධතාවක් පවත්වා තිබුණි. මෙම විරෝධතාව පැවැත්වුණේ ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය බලය පෙරලා දැමූ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් වසරක්Continue Reading

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වය උග්‍ර වීමත් සමඟ ප්‍රධාන අධිවේගී මාර්ගයක් අවහිර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. උතුරු ප්‍රාන්තයේ මේ දක්වා ඇදහැලෙන අධික වර්ෂාවෙන්  පුද්ගලයින් දහස් ගණනකට සිය නිවාස ද අහිමි වි ඇති බව සඳහන් වේ. එමෙන්ම වේලි සහ ගංගා පිටාර ගැලීමේ මට්ටමට පැමිණ ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.Continue Reading

අප්‍රිකානු රාජ්‍යයක් වන සෝමාලියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලිය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. එම ප්‍රකාශයත් සමග සෝමාලි හමුදාව සිය මෙහෙයුම් පුළුල් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෝමාලියානු භූමියෙන් වැඩි කොටසක් මේ වනවිට අවිගත් කල්ලිවල පාලනය යටතේ පවතින අතර, එය ගෝලීයContinue Reading

තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය (22) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු අද සිය විවාහ ගිවිස ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේදී තායිලන්තය තුළ සමලිංගික විවාහ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 400ක් ලැබුණු අතරContinue Reading

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බවය. මෙම පියවර හේතුවෙන් එක්සත් ජනපදය මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන අතර එහිContinue Reading

ගාසා තීරයට සාමය උදාකරන සටන් විරාමය හෙටින් ආරම්භ වීමට නියමිතව තිබේ.  මාස 15ක් පුරා පැවති ගාසා යුද්ධයට නිමාවක් සනිටුහන් කරමින් සටන්විරාම සහ ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ ගිවිසුමකට එකඟවූයේ පසුගිය බදාදා දිනයේදීයි. අමෙරිකාව, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුවේ මැදිහත්කාරිත්වයෙන් ඇතිකරගත් සටන්විරාම ගිවිසුමට ඊයේ ඊශ්‍රායල ආරක්ෂක කැබිනෙට්ටුවේ අනුමැතිය හිමිවිය. ඒ අනුව දෙපාර්ශ්වය අතර සටන්විරාමය හෙටContinue Reading

දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ගේ පාර්ශ්වකරුවන් දහස් ගණනක් සෝල් අගනුවර විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට විපක්ෂයට සහ අධිකරණ පද්ධතියට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පෙළගැසී සිටියි. හදිසියේ රටට හමුදා නීතිය පැනවීමේ සිදුවීමක් මුල්කර ගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 3වනදා දෝෂාභියෝගයකින් යුන්Continue Reading