ඇමෙරිකා කතා නායිකා නැන්සි පොලෝසිගේ තායිවාන සංචාරයෙන් කෝපයට පත් වුණු චීනය, තායිවානය අවට මුහුදේ දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති අතර, චීන හමුදා මිසයිල 11 ක් තායිවානය දෙසට එල්ල කරමින් ඒවා අත්හදා බැලීම සිදු කළේය‍ චීනය මේ අයුරින් තායිවානයට තර්ජනයක් ලෙස මිසයිල අත්හදා බැලීසක් කළේ දශක ගණනාවකට පසුව යැයි විදෙස්Continue Reading

චීනයේ, ජියැන්ග්සි පළාතේ පෙර පාසලක ඊයේ (අගෝ. 3) සිදු වූ පිහි ඇනුමකින් ‍තිදෙනෙකු මිය ගොස් තව ත් හය දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, හිස්වැසුම් සහ වෙස්මුහුණු පැළඳ සිටින පුද්ගලයෙකු පෙරේදා උදෑසන 10.00ට පමණ අදාළ පෙර පාසලට කඩා වැදී එම පිහි ඇනුම සිදු කර ඇතැයි එරට පොලිසිය ප්‍රකාශContinue Reading

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව සමඟ ඉදිරි මාස දෙකක කාලය තුළදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 8-9 අතර ද්වි පාර්ශ්වික වෙළඳාමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය වෙළඳ ලේකම් බී.වී.ආර් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර වෙළඳාම සඳහා ආනයන සහ අපනයන කරුවන්ට ඉන්දීය රුපියල් මුදල් ඒකකය භාවිතා කිරීමට පසුගිය මස ඉන්දීය මහContinue Reading

අමෙරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවාහිරි ඝාතනයට ලක්වූ බව අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ නිවේදනය කළේය. අල් කයිඩා නායකයා ඝාතනයට ලක් වී ඇත්තේ සීඅයිඒ සංවිධානය මඟින් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරදී සිදු කරනු ලැබූ මෙහෙයුමකදී බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උසාමා බිල් ලාදින්ගෙන් පසු අල්Continue Reading

ලංකාවේ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 13 ක (රුපියල් මිලියන 490 ක්) ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට  සහ යුනිසෙෆ් සංවිධානයට ප්‍රදානය කරන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති  ට්‍රිනා යුරන්ලි එස්කෙඩෙල් මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන්ට සහ ළමුන්ට දරුණු බලපෑමක්Continue Reading

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවේරී ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදාව සමත් විය. ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශයේ තොරතුරු පාදක කර ගනිමින් අල් සවේරී ඝාතනය සිදුවූයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කරමිණි. ප්‍රහාරයට ලක් වෙද්දී අල් කයිඩා නායකයා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ස්ථානයක සිටි බව ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදා සවාරීContinue Reading

පාකිස්ථානය සහ ලංකාව අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බව පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි  (Arif Alvi) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  සුබපැතුම් පනිවිඩයක් එවමින් සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික අභියෝග ජය ගනු ඇති බව සඳහන් කරන අරීෆ්Continue Reading

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සෙනසුරාදා (ජූලි 30) මිය ගිය තරුණයෙකුට monkeypox රෝගය වැළඳී තිබුණු බව තහවුරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කේරළයේ ත්‍රිසූර් නගරයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු එලෙස මිය ගොස් ඇත. මේ බව කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් ඊයේ (ජූලි 31) තහවුරු කළ බව The Indian ExpressContinue Reading

චීන අභ්‍යවකාශ ආයතනය පසුගිය ජූලි 24 වැනිදා අභ්‍යවකාශයට යැවූ රොකට්ටුව ඉන්දීය සාගරයට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. රොකට්ටුව, කඩා වැටුණේ ඉන්දීය සාගරය කුමන කලාපයට යන්න සම්බන්ධයෙන් චීනය කිසිවක් පවසා නොමැති බව ද නාසා ආයතනය කියයි. රොකට්ටුව ජනාකීර්ණ ස්ථානයකට කඩා වැටුණේ නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව දContinue Reading

ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වෛරසය අසාදනය වී තිබේදැයි පරික්ෂා කිරීම සඳහා සිදු කරන ඇන්ටිජන් පරීක්ෂණය දෙවන වරට ධනාත්මක වී ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර තිබේ. 79 වියැති ජනාධිපති ජෝ බයිඩන් හට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණය ධනාත්මක වුවත් කොවිඩ් රෝග ලක්ෂණ නැවත මතුවී නොමැති බව එම නිවේදනයේ දැක්වේ.Continue Reading